දයා තෙන්නකෝන් කලාකරුවාත් සමුගනී

දයා තෙන්නකෝන් කලාකරුවාත් සමුගනී

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අභාවයට පත්ව ඇති බව වාර්තා වේ. ප්‍රවීන රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් මහතා මුහුණුපොතේ සටහනක් තබමින් පවසන්නේ දයා තෙන්නකෝන් මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බවයි.

කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය
|

කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය

කොරෝනා වෛරසයෙන් අත්මිදීම සදහා පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ දේශීය වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්, දේව මෙහෙයන්, අත් බෙහෙත් ඇතුලු විවිධ ප්‍රථිකාර ක්‍රම පිළිබදව ප්‍රචාරය විය. මින් වැඩියෙන්ම සමාජ අවධානය යොමු වුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබදව විශේෂ්‍ඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙනිය මහතා විසින් සිදු කළ දුම් හට්ටි ප්‍රථිකාර ක්‍රමය පිළිබදව ලොවට හෙලි…

law

රජයේ මර්ධනයට තරුණ නීතිඥ සංගමයේ විරෝධය

කොරෝනා මර්ධනයට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්ධනයට ඉඩ නොතබමු යන හිසින් යුතුව තරුණ නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 2020 අප්‍රේල් මස 01 වන දින පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් රජයේ නිලධාරීන් විවේචනය කරන්නන් හට තදින් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ නිවේදනයත් ඉන් පසුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමත් බරපතළ ලෙස විවේචනය කරන තරුණ නීතිඥ…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන නීතිඥ සංගමයෙන් පොලිස්පතිට ලිපියක්

පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ. එකී අත්අඩංගුවට ගැනීමට හේතුව මේ වන තෙක් එළිදරව් කර නොමැති බව දන්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔවුන්ට දැනගන්නට ලැබී ඇති පරිදි මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ නීතිඥ හිස්බුල්ලා මහතා සිය නීතිඥවරයකු ලෙස සිය වෘත්තීය…

චීනය නව කොරොන වයිරස වසං කිරීම ගැන නව තොරතුරු මතුවෙයි
|

චීනය නව කොරොන වයිරස වසං කිරීම ගැන නව තොරතුරු මතුවෙයි

ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) නම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ලබා ගන්නා ලද චීන ආණ්ඩුවේ අභ්‍යන්තර ලියකියවිලි වලට වසංගතය ඇරඹී දින ගණනාවක් යන තුරුම ඒ පිළිබඳව ලෝකයට දැනුම් නොදුන් බව සනාථ වී තිබේ. නව කොරොන වයිරසය නිසා වසංගත තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි චීනයේ ඉහළ නිලධාරීන් රහසින් තීරණය කිරීමෙන් ගත වූ දින හය තුළ, වුහාන් නගරයෙහි දස දහස්…

ඇඳිරි නීතිය ඉවත් කළයුතු ආකාරය ගැන විශේෂඥයින්ගේ යෝජනා ජනපතිට

ඇඳිරි නීතිය ඉවත් කළයුතු ආකාරය ගැන විශේෂඥයින්ගේ යෝජනා ජනපතිට

කොරෝනා වෛරසයෙන් මිදීමේ මඟ යනුවෙන් වාර්තාවක් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදී තිබේ. “අදියර තුනකට තමයි මේ වැඩපිළිවෙල යෝජනා කරලා තියෙන්නෙ. මේකෙදි අපි ප්‍රධානකොට සලකලා බලලා තියෙනවා මේ ඇඳිරි නීතිය කොහොමද පවත්වාගෙන යන්නෙ, ඒක ලිහිල් කරන්නෙ කොහොමද, නිවසකින් එළියට ඒම එක් පුද්ගලයෙකුට පමණක් සීමා කරන්න, ඔහුට…

වුහාන්හි සැබෑ තත්ත්වය හෙළිදරව් කළ චීන පුරවැසි මාධ්‍යවේදීන් තිදෙනෙක් අතුරුදන්

වුහාන්හි සැබෑ තත්ත්වය හෙළිදරව් කළ චීන පුරවැසි මාධ්‍යවේදීන් තිදෙනෙක් අතුරුදන්

වුහාන් හි කොරෝනා වෛරසය පුපුරා යාමේ සැබෑ පරිමාණය පිළිබඳව ලොවට දැනුම් දීමට උත්සාහ කළ ප්‍රමුඛ පෙළේ හඬ නගන්නන් තිදෙනෙකු අතුරුදන් වී මාස දෙකක් ඉකුත් වී ඇත. චෙන් කියුෂි, ෆැන්ග් බින් සහ ලී සෙහුවා යන කොරෝනා වෛරසය පිළිබඳ ඉදිරි පෙළේ හඬ නැගූ චීන ජාතිකයන් තිදෙනා සිටින්නේ කොහි ද යන්න මේ වන විට අභිරහසක් වී ඇති අතර…

badweather

කාළගුණය අයහපත් වෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් නැත අද (17) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව පවසනවා.

කෝපි කඩේ අප්පුවා මෙලොවින් සමුගනී

කෝපි කඩේ අප්පුවා මෙලොවින් සමුගනී

ජනපි‍්‍රය රංගන ශිල්පී ශී‍්‍ර ලාල් අබේකෝන් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.මීරිගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඔහු මිය ගියා. අභාවප‍්‍රාප්ත වන විට ඔහු 72 වන වියේ පසුවුණා. බොහෝ දෙනෙකු ඔහුව හදුනාගත්තේ කෝපි කඩේ ටෙලිනාට්‍යයේ අප්පුවාගේ චරිතය නිරූපණය කිරීමත් සමගයි. ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.

ප්‍රංශයේ යුධ නෞකාවට නාවිකයින් 668කට කොරෝනා

ප්‍රංශයේ යුධ නෞකාවට නාවිකයින් 668කට කොරෝනා

ප්‍රංශයේ ගුවන් යානා ප්‍රවාහනය කරනු ලබන එකම නෞකාව වන චාල්ස් ඩි ගෝල්ඩ් නෞකාවෙහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 668 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව එරට වාර්තා සදහන් කළා. මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි නෞකාවේ මෙහෙයුම නවතා දමමින් නැවත සිය මවු රටෙහි ටූලෝන් වරාය වෙත ළගාවන ලෙසයි එරට ආරක්ෂක අංශ නෞකාවේ ප්‍රධානීන්ට දැනුම්දී…