ටොම් ඇන්ඩ් ජෙරී අධ්‍යක්ෂක මරුට

ටොම් ඇන්ඩ් ජෙරී අධ්‍යක්ෂක මරුට

ඔස්කාර් සම්මානලාභී, කාටූන අධ්‍යක්ෂකවරයකු වන ජින් ඩීජ් මියගොස් තිබේ. ජනප්‍රිය ටොම් ඇන්ඩ් ජෙරී කාටූනයේ අධ්‍යක්ෂවරයාවන්නේද ජින් ඩීජ් මහතායි. මිය යන විට ඒ මහතා 95වන වියෙහි පසුවුණා. පසුගිය බ්‍රහස්පතින්දා ඔහු සිය නිවසේදීම මිය ගිය බවත් නිරෝගීව කාලය ගත කළ ඒ මහතාගේ මිය යාම සම්බන්ධව මෙතෙක් කිසිඳු හේතුවක් වාර්තා වී නැති බවත් ඔහුගේ හිතවතකු සඳහන් කර ඇති…

america and sri lanka
|

චීනයට ප්‍රතිවිපාක දෙන්න අමෙරිකාව සුදානම් වුවත් එරට වෛරසය දරුණු වන ලකුණු

කොවිඩ් 19  වෛරසය සම්බන්ධයෙන් චීනය දැනුවත්ව වගකිවයුතු නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.  කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා  අමෙරිකාව  නිකුත් කළ නිවසේ රැඳී සිටීමේ නියෝගවලට විරෝධය දැක්වමින් මේ වන විට රට පුරා  ප්‍රාන්ත කිහිපයකම උද්ඝෝෂණ ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමෙරිකානු ජනපතිවිසින් පසුගියදා අමෙරිකාව විවෘත…

දැඩි කොන්දේසි සහිතව සුරාසැල් විවෘත කෙරේ

දැඩි කොන්දේසි සහිතව සුරාසැල් විවෘත කෙරේ

සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන, ඒ ඒ ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව නියමිත වේලාවන් තුළදී පමණක් නැවත විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඇඳිරිනීති විධිවිධාන හා සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඞ්-19 වැලැක්වීමේ සෙසු ආරක්ෂිත හා සෞඛ්‍ය…

කොරෝනා ආසාදිතයින් ගණන 269 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 269 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් 269 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද දවසේ ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟය. අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 15 දෙනාද පෙර හඳුනාගත් රෝගීන් ඇසුරු කළ තැනැත්තන් වන අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනය කරමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

රෝපණ නැකත අද (19) උදාවේ

රෝපණ නැකත අද (19) උදාවේ

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අදට යෙදි තිබේ. පුර්වභාග 11.38ට යෙදෙන සුභ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන්ය. මේ අතර ජාතික තරුණ සේවා සභාව විසින් මෙහෙයවනු ලබන අපේ ගෙවත්ත වැඩසටහන ද අදට යෙදෙන රෝපණ නැකත සමඟ ආරම්භ කිරිමට නියමිතව තිබේ.

ඇදිරිය ලිහිල් වුවත් අවදානම් කලාපයක් හඳූනාගනු ලැබුවහොත් යළි ඇදිරි නීතිය

ඇදිරිය ලිහිල් වුවත් අවදානම් කලාපයක් හඳූනාගනු ලැබුවහොත් යළි ඇදිරි නීතිය

ඇදිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් ඉදිරියේදී අවදානම් කලාපයක් ලෙස හඳූනාගනු ලැබුවහොත් එම ප්‍රදේශයන්ට යළි ඇදිරි නීතිය පැනවීමට ඉඩ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරෙකුට හෝ ඊට ඇතුළු වීමට හෝ පිටවීමට අවසර නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර, ඇදිරි නීතිය ඉවත් කළ…

curfew

හෙට (20) ඇදිරි නීතිය ලිහිල් වන පොලිස් බල ප්‍රදේශ මෙන්න

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත. අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර…