අවලංගු ඡන්ද පුරාණය

අවලංගු ඡන්ද පුරාණය

පාර්ලිමේන්තු මැතිවරණය ගැන පැවැත්විය නොහැකි නිසා විස්සෝපයට පත් වි සිටින පිරිසකි.  ඔවුන් බහුතරයක් දේශපාලනඥයින් හා ඔවුන්ගේ හිතවතුන් ය.  අපේ රටේ මැතිවරණ වර්ග හතරක් කල් දමා හෝ අතහැර දමා ඇත. අධිකරණය ද, ඡන්ද ගැසට් බල රහිත කොට ඇත.  විසිරුවා හැරපු පාර්ලිමේන්තුව නැවතත් රැස්වී, ඡන්ද ගැන කථා කර ඇත. බහුතරයක් අවස්ථාවල දී, පාර්ලිමේන්තුව ද ඡන්ද ගැසට් අවලංගු…

වෛරසය දිගු කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීම්

වෛරසය දිගු කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීම්

කොවිඩ් නයින්ටීන් වෛරසය දීර්ඝ කාලයක් පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ටෙඩ්ඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ රටවල් රැසක් මේ වන විටත් මෙම වෛරස ව්‍යාප්තියේ මූලික අදියරේ පසු වන බවයි. බටහිර යුරෝපය තුළ වෛරස ව්‍යාප්තියේ යම් පාලනයක් දක්නට ලැබුණ ද අප්‍රිකාව මධ්‍යම හා දකුණු අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය යන රටවලට ඉදිරියේ දී වෛරසයෙන් ඇති විය…

වෛරසය පර්යේෂණාගාරයක් තුළ නිපදවූවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

වෛරසය පර්යේෂණාගාරයක් තුළ නිපදවූවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොවිඩ් නයින්ටීන් වෛරසය චීනය විසින් රසායනාගාර තුළ නිෂ්පාදනය කරන ලද්දක් බවට කිසිඳු විද්යාවත්මක සාක්ෂියක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වෛරසයේ මූලාරම්භය සතුන් හරහා සිදුවූවක් බවට තවදුරටත් විශ්වාස කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ අතර වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ බව පවසමින් චීන රජයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට අමෙරිකාවේ…

කොරෝනා ආසාදිතයින්ගේ තවත් රෝග ලක්ෂණයක්

කොරෝනා ආසාදිතයින්ගේ තවත් රෝග ලක්ෂණයක්

රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී තිබේ.

කොවිඞ් ආසාධිතයින් ලක්ෂ 26ය ඉක්මවයි

කොවිඞ් ආසාධිතයින් ලක්ෂ 26ය ඉක්මවයි

ලොව පුරා කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 26 පසුකර තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 26 35719 ක් ලෙසයි. වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 1 84066 ක් වන අතර ඉන් සුව වූ සංඛ්‍යාව 717444 ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් පමණක් රෝගීන් 848717 ක් වාර්තා…

චීනයට එරෙහිව ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තය නඩු පවරයි

චීනයට එරෙහිව ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තය නඩු පවරයි

කොරෝනා වෛරස ව්‍යාප්තියට චීනය වගකිව යුතු බව පවසමින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තය කටයුතු කර ඇත. වෛරසය පිළිබඳ සත්‍ය තොරතුරු චීනය වසන් කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසයි. ආර්ථික කටයුතු සඳහා  රට විවෘත කිරීම නිසා දෙවන වටයේ කොරෝනා වෛරස ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ඇමෙරිකා සෞඛ්‍ය අංශ අද අනතුරු අඟවා ඇත.  

ආයතන ප්‍රධානියාගේ අවසරයකින් තොරව දුම්රියෙන් ගමන තහනම්

ආයතන ප්‍රධානියාගේ අවසරයකින් තොරව දුම්රියෙන් ගමන තහනම්

අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රියෙන් පැමිණෙන පිරිස් තම ආයතන ප්‍රධානියා මඟින් ඒ බව තහවුරු කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අදාළ සේවකයින් ලබාදිය යුතු තොරතුරු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අද පැවති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළා.

lockdown areas in sri lanka today

පොලොන්නරුවේ ගම්මාන 12ක් හුදෙකලා වෙයි

පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කර තිබෙනවා. නිවාඩු ලබා පැමිණි සිටි පොලොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලෙකුට නව කොරෝනා ආසාධිත වී ඇතැයි හදුනා ගැනීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අදාල ගම්මානවලට ඇතුලූ වීම සහ පිටවීම තහනම් කර තිබෙනවා.

karu

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙනු ඇත. කතානායකවරයාගේ නිල නිවසේදී රැස්වන ව්‍යවස්ථාදායක සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සමාජිකයින් සහභාගි වීමට නියමිතය.