රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී සිදු කෙරිණි. ප්‍රේමදාස මහතාගේ පුත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පවුලේ සමාජිකයින් මෙන්ම දේශපාලඥයින් පිරිසකගේ සහභාගීත්වයෙනි. 1993 වසරේ කම්කරු දින පෙළපාලිය අතරතුර කොළඹ ආමර් විදියේදී LTTE සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අනපේක්ෂිත ලෙස දැයෙන් සමුගත් රණසිංහ ප්‍රේමදාස…

වසර 20 කට පසු වායු ගෝලය හොද අතට

වසර 20 කට පසු වායු ගෝලය හොද අතට

වසර 20 කට පමණ පසු වායු ගුණාත්මක අගය ඉතා ඉහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.එච් මුතුකුඩආරච්චි මහතා සඳහන් කළේ, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනිකව ගමන් ගන්නා රථ වාහන සංඛ්‍යාව අඩු වීම මෙම තත්වයට මූලික හේතුවක් වී ඇත.

ජීවනෝපාය අහිමි වු පිරිසගේ ගැටලු කම්කරු දෙපාර්තමේන්තුව කියන්න

ජීවනෝපාය අහිමි වු පිරිසගේ ගැටලු කම්කරු දෙපාර්තමේන්තුව කියන්න

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ජීවනෝපාය මාර්ග අහිමි  වී සිටින පුද්ගලයින්ට කම්කරු දෙපාර්තමේන්තුව වෙත සිය ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. විදෙස්ගතව සිටින ශ්‍රමිකයන්ට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 යන දුරකථන අංකයට සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා සදහන් කළේය.  

පොලීසියේ නිවාඩු මැයි 15 දක්වා අවලංගුයි

පොලීසියේ නිවාඩු මැයි 15 දක්වා අවලංගුයි

සියලුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව මැයි 15 දක්වා දීර්ඝ කර තිබේ. රටේ පවතින තත්වය හේතුවෙන් එම කාලය තවදුරටත් දීර්ඝ කිරීමටයි තීරණය කර තිබෙන්නේ. මීට පෙර අප්‍රේල් 30 දක්වා පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබිණි.

කොරෝනා හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ජනපතිගේ ආචාරය

කොරෝනා හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ජනපතිගේ ආචාරය

රට මුහුණදී ඇති කොවිඩ් 19 අභියෝග හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ගෞරවය හා ආචාරය පුදකිරිමට ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ඒ අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. ඉතිහාසය පුරා අප මුහුණදුන් සහ ජයගත් අභියෝග වලදී ඍජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ…

ජාතික වෙසක් සතිය 4වනදා සිට 8වනදා දක්වා

ජාතික වෙසක් සතිය 4වනදා සිට 8වනදා දක්වා

ජාතික වෙසක් සතිය ලෙස මැයි 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සදහන් කළේය. ජාතික වෙසක් උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

අර්බුදයන් හමුවේ නැගීසිටිමු

අර්බුදයන් හමුවේ නැගීසිටිමු

රට තුළ මෙන්ම ලෝකය පුරා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හරහා විශාල ජීවිත හානියක් සිදුවෙමින් තිබෙන මොහොතක යෙදී ඇති 132 වන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම වෙනුවෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අර්බුදයන් හමුවේ නැගී සිටීමටත් වැඩකරන ජනතාව පීඩනයට පත්කිරීමට එරෙහිවත් පෙළගැසීම අද දවසේ වැඩකරන ජනතාවගේ අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බවය. ජාතික වෘත්තීය සමිති…

borinjonson

බ්‍රිතාන්‍යය අගමැති ජොන්සන් පිය පදවිය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නැවතත් වරක් පිය පදවිය ලබා තිබේ. ලන්ඩන් නුවර රෝහලකදී දරු උපත සිදුව ඇති අතර බිළිඳා සහ මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් වාර්තා සදහන් කරයි අවිවාහක වුවද දිගු කාලයක් තිස්සේ එක්ව වෙසෙන ජොන්සන් යුවළ, සිය ප්‍රථම දරු උපත අපේක්ෂාවෙන් පසුවන බව පසුගිය පෙබරවාරි…

රුසියාවේ අගමැතිට කොරෝනා වැළදේ

රුසියාවේ අගමැතිට කොරෝනා වැළදේ

රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin හට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති ව්ලැදීමීර් පුටින් සමග වීඩියෝ සාකච්ජාවකට එක්වෙමින් රුසියානු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. තමන් ස්වයං නිරෝධායනය වීමේ නියෝගයන් අනුව කටයුතු කරන බව පැවසූ අගමැතිවරයා එම කාල සීමාව තෙක් වැඩබලන අගමැතිවරයෙක්…