wesak

ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් සමරන්න

උතුම් තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙමින් නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් කි‍්‍රයාකරන ලෙසයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙන්නේ. බුදු දහමේ උගන්වන ප‍්‍රතිපදාවන් අනුගමනය කරමින් නීරෝගී සුවය සහ අධ්‍යාත්මික…

earthquake in sri lanka

ඉන්දුනීසියාවේ බන්ඩා මුහුද අසල රික්ටර් මාපාංක 6.9 ක භූ චලනයක්

ඉන්දුනීසියාවේ බන්ඩා මුහුද අසල රික්ටර් මාපාංක 6.9 ක භූ චලනයක් සිදු වී ඇති බව ජාතික සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්තානය පවසනවා . මෙම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි බලපෑමක් ඇති නොවන බව එම මධ්‍යස්ථානය කළ නිවේදනයේ සඳහන් .

එංගලන්තයේ කොවිඩ් නයින්ටීන් මරණ 30,000 ඉක්මවයි

එංගලන්තයේ කොවිඩ් නයින්ටීන් මරණ 30,000 ඉක්මවයි

එංගලන්තයේ මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 30,076 දක්වා ඉහල ගොස් ඇත. කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවීම හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 64, 807 දක්වා ඉහල ගොස් තිබේ.

කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක්

කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක්

කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනක පමණ කාලයක් එන්නත් ලබාදීමේ කටයුතු ප්‍රමාද වූ බවයි. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය…

කොවිඞ් 19 පොකුරු ක්‍රියාත්මක විම අවම මට්ටමක

කොවිඞ් 19 පොකුරු ක්‍රියාත්මක විම අවම මට්ටමක

කොවිඞ් 19 පොකුරු වශයෙන් ක්‍රියාත්මක විම දැන් අවම මට්ටමක තිබෙන බවත් මේ වන විට තවම ක්‍රියාත්මකව පවතින්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර බව වෛද්‍ය සුගත් සමරවීර මහතා කියයි. මීට පෙර හඳුනාගත් පොකුරු රැසක්ම මේ වන විට අක්‍රිය වි ඇතැයිද ඉන් රෝග ව්‍යාප්තිය පාලනය වි ඇතැයිද ඔහු සඳහන් කරයි. මීට පෙර වාර්තා වු කොවිඞ් 19 වෛරසය…