දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවලට නැවතත් ඇඳිරි නීතිය

දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවලට නැවතත් ඇඳිරි නීතිය

මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය. ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම්…

donal trump

ට්‍රම්ප් සමාජ මාධ්‍යය නියාමනය කරන්න යයි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සමාජ මාධ්‍ය නියාමනය කරමින් නව නීති පනවන්නට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. විකෘති වාර්තා පළ කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවට මීට පෙරද තර්ජනය කර තිබෙනවා.

advanced level

සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබුණු පසු අදියරෙන් අදියර පාසල් විවෘත කිරීමට පියවර

සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබුණු පසු අදියරෙන් අදියර පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ පැවති වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව කියාසිටියා.

unp

එ.ජා.පයේ සාමාජිකයන් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණයක්

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් දේශපාලන පක්ෂයකින් මහමැතිවරණයට නාමයෝජනා පත්‍ර අත්සන් තැබූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයන් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජනබලවේගය යටතේ මෙවර මහමැතිවරණයට නාමයෝජනා අත්සන් තැබූ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ…

ස්පාඤ්ඤය දින10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

ස්පාඤ්ඤය දින10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

කොරෝනා වෛරසයෙන් මියගිය 27,000කට අධික ස්පාඤ්ඤ වැසියන් සිහිකිරීම සඳහා දින 10ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද සිට දින 10ක් ස්පාඤ්ඤයේ සියලු පොදු ගොඩනැගිලිවල, නාවික හමුදාත්‍රාවල ඇති ජාතික ධජ අඩකුඹු කරමින් මියගිය ජනතාව සිහිපත් කෙරේ.

තොන්ඩාමන් : වතුකරයේ ආර්ථික සමාජ දේශපාලනික පිළිබිඹුව

තොන්ඩාමන් : වතුකරයේ ආර්ථික සමාජ දේශපාලනික පිළිබිඹුව

ඇමති ආරුමුගම් තොන්ඩමාන් මිය ගියේය. නිරෝධායන නීති මධ්‍යයේ අනෙක් අවමගුල් උළෙල මෙන් නොව ඔහුගේ අවමගුල් උළෙල දින 6ක් පැවැත්වීමට තීරණය කර ඇත. කොළඹ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති ඔහුගේ දේහය අද(28) දින උදේ වරුවේ පාර්ලිමේන්තුවටත්, හවස කොළඹ පක්ෂ කාර්යාලයටත් රැගෙන ඒමට නියමිතය. හෙට දිනයේ එය තොන්ඩමාන් මහතාගේ දේශපාලන බලකොටුව වන සීතල කදුකරයට රැගෙන යයි….

ජාති ආගම් භේදයෙන් තොරව වැඩ කල අසාහය නායකයා ගැන රණසිංහ කතා කරයි

ජාති ආගම් භේදයෙන් තොරව වැඩ කල අසාහය නායකයා ගැන රණසිංහ කතා කරයි

වතු කරයේ ප්‍රබල වෘත්තිය සමිති නායකයකු ලෙස කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රස් නායකව හා ප්‍රජා සවි බල ගැන්විම් වතු යටිතල පහසුකම් ඇමති ලෙස කටයුතු කල ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය වතු කරයට පමනක් නොව නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළු මධ්‍යම පලාතට විශාල පාඩුවක් බව මධ්‍යම පලාත් හිටපු මන්ත්‍රිවරයකු වන ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා පවසයි. ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ…

අසහාය නායකයාගේ හදිසි අභාවයෙන් ජනතාව දැඩි ශෝකයට

අසහාය නායකයාගේ හදිසි අභාවයෙන් ජනතාව දැඩි ශෝකයට

තම අසහාය නායකයා ලෙස කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ලෙස කටයුතු කරමින් සිටි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිලිබදව වතු කරයේ ජනතාව දැඩි කම්පනයකට පත්ව ඇත. වසර ගනනාවක් පුරා වතු කම්කරු ජනතාවට විශාල සේවයක් කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිලිබදව නිරන්තරයෙන් සොයා බලමින් එම වතු කම්කරු ජනතාවට විශාල මෙහෙවරක් කල ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ මෙම හදිසි අභාවයත්…

හැටන් නගරයේ සුදු කොඩි

හැටන් නගරයේ සුදු කොඩි

ලංකා කම්කරු කොංග්‍රස්  නායක හා ප්‍රජා සවිබල ගැන්විම් වතු යටිතල පහසුකම් ඇමතිව සිටි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවයත් සමග හැටන් ප්‍රදේශයේ වෙලද ප්‍රජාවද දැඩි ලෙස ශෝකයට පත්ව ඇත. ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවය හේතුවෙන් හැටන් නගරයේ වෙලද සැල්වල මෙන්ම මාර්ගයේද රථ වාහනවලද සුදු කොඩි ඔසවා ඇති අකාරයක් දක්නට හැක. මේ පිලිබදව අදහස් දක්වන හැටන් ප්‍රදේශයේ බොහෝ…

covid infections today

ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 134ක් වාර්තා වෙයි

නව ආසාදිතයින් සංඛ්‍යාව 134ක් සොයා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඉන් 81 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් හඳුනා ගත් නාවික සෙබළුන් ය.