කහ තිත් පළඟැටියන් ගැන දැනුම්දෙන්න විශේෂ දුරකථන අංකයක්

කහ තිත් පළඟැටියන් ගැන දැනුම්දෙන්න විශේෂ දුරකථන අංකයක්

පසුගිය දිනවල දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවූ කහ තිත් පළඟැටියන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1920 ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී තිබේ. එම දැනුම්දීම්වලට අනුව අදාළ ප්‍රදේශවලට කෘෂිකර්ම නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය විජේසිරි වීරකෝන් මහතා පැවසීය. කහතිත් පළඟැටියා හෙවත් පෙති අං පළඟැටියා මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම හා කෑගල්ල දිස්ත්‍රික්කයේ…

පුටින්ට තරහා යයි – රුසියාව තුළ හදිසි තත්වයක්
|

පුටින්ට තරහා යයි – රුසියාව තුළ හදිසි තත්වයක්

රුසියාව තුළ විදුලිබලාගාරයක ඉන්ධන ටැංකියක් පසුගියදා කඩා වැටීමත් සමග  හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත. නොරිල්ස්ක් නගරය අසළ පිහිටා තිබෙන  ඉන්ධන ටැංකියේ  බොරතෙල් ටොන් 20,000 ක් ආක්ටික් කවයට අයත් ගංගාවකට මිශ්‍ර වී ඇත. මෙම සිදුවීම පිළිබඳව නිලධාරීන් සොයාගෙන ඇත්තේ දින දෙකකට පසුව වීමත් සමඟ ජනාධිපති පුටින් කෝපයට පත්ව ඇත.අ

ට්‍රම්ප්  බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු
|

ට්‍රම්ප් බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු

තමන් සහ තම පවුලේ පිරිස ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත ගියේ විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා වීමට නොව එම බංකරය පරීක්ෂා කිරීම සඳහා බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ජනපති ට්‍රම්ප්  කියා…

වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙට

වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙට

මේ වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙට (05) දිනයේදී දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළා. එය ඡායා චන්ද්‍රග‍්‍රහණයක්. මෙරට වේලාවෙන් රාත‍්‍රී 11.15 ට චන්ද්‍රයා පෘතුවියේ උප ඡායාවට ඇතුලුවීමත් සමග චන්ද්‍රග‍්‍රහණය ආරම්භ වනවා. ලබන සෙනසුරාදා අලුයම 2.34 ට චන්ද්‍රග‍්‍රහණය අවසන් වන බවයි…

අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය අනිද්දා අලුයම 4.00 ට ලිහිල් කරනු ඇති. එම කාලය තුළ නිරෝධායන රෙගුලාසිවලට ගරු කරමින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේය. මේ අතර අද රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.