covid infections today

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 97 යි

ගෝලීය කොවිඩ් 19 ආසාදිත රටවල් සහ ස්වාධීන රාජ්‍ය 213කින් වාර්තා වන ආසාදිතයින් ගණන 9,714,805ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව හාර ලක්ෂ අනූ එක් දහසකට අධිකය. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග යුරෝපයේ කොවිඩ් 19 ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානය සදහන් කරයි.

නඩරාජා සමුගනී

නඩරාජා සමුගනී

ප‍්‍රවීණ නිවේදකයෙකු මෙන්ම සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු වූ නඩරාජා සිවම් මහතා පෙරේදා (24 දා) අභාවප‍්‍රාප්ත විය. කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 74 වැනි වියෙහි පසුවිය. ජාතික රූපවාහිනියේ සහ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දමිළ අංශයේ නිවේදකයෙකු වූ සින්නයියා නඩරාජා සිවම් මහතා ජාතික රූපවාහිනියේ විකාශය වූ ”ආයුබෝවන්’’ ඇතුළු වැඩසටහන් රැසකට…

මෙවර පොළොන්නරුවෙන් ශ්‍රී.ලං.පො.පෙ ට මන්ත්‍රී ආසන 4ක්

මෙවර පොළොන්නරුවෙන් ශ්‍රී.ලං.පො.පෙ ට මන්ත්‍රී ආසන 4ක්

පොලොන්නරුව දිස්ත්‍රික්කය මෙවර මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී ආසන 5න් 4ක් දිනා ගන්නා බවත් අනෙක් දිස්ත්‍රික්කවලටත් ආදර්ශයක් දෙමින් ඉතාම සාමකාමිමැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට තමන් ඇතුළු සියලු දෙනා ක්‍රියාකරන බවත් හිටපු මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා  පොලොන්නරුවේ දී  පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක අමරකීර්ති…

education ministry

ශිෂ්‍යත්ව-උසස් පෙළ විභාග දින වහා දෙන්න

අ.පො.ස උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග පිළිබඳ සාකච්ඡා කර නිශ්චිත දින වකවානු හැකි ඉක්මනින් නියම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුමට කැබිනට් රැස්වීමේ දී උපදෙස් දී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල…

දරුවන්ගේ පැවැත්මට තව මාස 6ක් රු.5000 දෙන්න

දරුවන්ගේ පැවැත්මට තව මාස 6ක් රු.5000 දෙන්න

ශ්‍රී ලංකාවේ පවුල්වලින් 30%ක් පසුගිය මැයි මාසයේදී ආහාර පරිභෝජනය අඩුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ්  සංවිධානය අනාවරණය කරයි. කොවිඩ් වසංගතය අතරතුර බිඳවැටුණු ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාවේ පවුල්වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් අදාළ කාලසීමාවේ මස්, මාළු, කිරි, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර පරිභෝජනය අඩු කර ඇත. ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 39%ක් කොවිඩ් වසංගතයට පෙර සිටම…

ranil

එ.ජා.ප යෙන් මෙවර මැතිවරණයට නව අපේක්ෂකයින් බහුතරයක්

නව අපේක්ෂකයින් බහුතරයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම ගැන මා ආඩම්බර වෙනවා. රටෙහි ක්‍රියාත්මක වන දේශපාලන පද්ධතිය පිළිබඳ තරුණ තරුණියන්ගේ විශ්වාසය මේ වනවිට නැතිවී ඇති බවත්, ඔවුන් නියෝජනය කිරීම සඳහා නව මුහුණු සහිත නව දේශපාලන සංස්කෘතියක් ඔවුන් ඉල්ලා සිටින බවත් අප තේරුම් ගත්තෙමු. අප පක්ෂයට දැන් පළපුරුදු සහ නැවුම් තරුණ අපේක්ෂකයින්ගේ…

elec

ජනවාරි මාසයේ විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට යයි

කොවිඩ් 19 පැවති කාලය තුල බිල්පත් ගෙවා ගත නොහැකි වූ පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරිමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒ සඳහා ප්‍රමාද…

ජනතාවගේ නොසැලකිල්ලෙන් කොරෝනා රට පුරා පැතිර යාමේ අවදානමක්

ජනතාවගේ නොසැලකිල්ලෙන් කොරෝනා රට පුරා පැතිර යාමේ අවදානමක්

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික ක්‍රියාවලියක උත්සාහයක් මත සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති නමුත් වෛරසය තවමත් ලොවෙන් තුරන් වී ඇති බව ද ඔහු සඳහන්…