කරච්චි කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්

කරච්චි කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්

පාකිස්තානයේ, කරච්චි නුවර කොටස් වෙළෙඳපොළ පිහිටි ගොඩනැඟිල්ලට තුවක්කුකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. තුවක්කුකරුවන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන කොටස් වෙළෙඳපොළ බලධාරීන් පැවසුවේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු තවමත් හෙළිවෙමින් පවතින බවය.  

පාසල්වල කාර්ය මණ්ඩල වැඩ අරඹයි

පාසල්වල කාර්ය මණ්ඩල වැඩ අරඹයි

කොරෝනා වසංගය හේතුවෙන් පසු ගිය මාර්තු මස 13වන දින සිට වසා දැමුනු පාසල් ප්‍රථම අදියර යටතේ 29වන දින ආරම්භ කිරිමට අධ්‍යාපන අමත්‍යාංශය මගින් පියවර ගන්නා ලදි. එම තත්වයන් මත 29වන දින හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, හා කාර්ය මණ්ඩලය පමනක් විදුහල් වෙත පැමිනි අතර එම විදුහල් සිසුන්ගේ සෞඛ්‍ය තත්වයන් ආරක්ෂා වන පරිදි විෂබීජහරණය කිරිමටද…

එස්. බි. , සි.බි.වැනි පරාජිතයන් නිසා ඡන්දය ඉල්ලන ජනජිත්

එස්. බි. , සි.බි.වැනි පරාජිතයන් නිසා ඡන්දය ඉල්ලන ජනජිත්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තම කණ්ඩායමට ඡන්දය ඉල්ලන්න සිදුවුනේ එස්. බි. දිසානායක, සි.බි. රත්නායක වැනි පරාජිතයන් තමන්ට අවස්ථාව නොදුන් නිසා බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තම කණ්ඩායම මංත්‍රිධුර දෙකක් හිමි කර ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා නිදහස් පක්ෂ අපේක්ෂක නිතිඥ ජනජිත්ද සිල්වා මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි 27 වන දින සවස මාධ්‍ය වෙත මේ…

පාර්ලිමේන්තුවේ 225න් 99කටම බාර් ලයිසන්
|

පාර්ලිමේන්තුවේ 225න් 99කටම බාර් ලයිසන්

යුද්ධයෙන් පසු එල්.ටී.ටී.ඊ. කාඩර් වරුන් පුණරුත්ථාපනය කළ අයුරින් කරුණා අම්මාන්ව ද  මාස තුනක කාලයක් වත් පුණරුත්ථාපනය කළ යුතු බවත් මෙවර පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් යැවීමට පියවර ගත යුතු බවත් විශ්‍රාමික රණවිරුවන්ගේ බුද්ධිමත් කතිකාවත නම් විශ්‍රාමික රණවිරු සංවිධානයේ කැදවුම්කරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මනෝ විද්‍යා උපදේශක,අධ්‍යාපන පර්යේෂක දේශමාන්‍ය නාලක ජයසිංහ මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ…

කොටස් වෙළඳපොල සභාපති ධුරය දුමිත් ප්‍රනාන්දුට

කොටස් වෙළඳපොල සභාපති ධුරය දුමිත් ප්‍රනාන්දුට

කොළඹ කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස දුමිත් ප්‍රනාන්දු ඒකමතිකව පත්ව ඇත. කොළඹ කොටස් වෙළඳපලේ සභාපති ධුරය ඔහුට හිමිවන්නේ, ජුලි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදිය. දුමිත් ප්‍රනාන්දු මිඩ්ල්බරී කොලේජියෙන් (Middlebury College) භෞතික සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියෙන්ද හාවඩ් බිස්නස් ස්කුල් (Harvard Business School) විශ්ව විද්‍යාලයෙහි MBA උපාධියෙන්ද පිදුම් ලබා ඇත.

ඡන්ද පොරොන්දු සමඟ පෝරුතොට පාලමත් කැලෑවට

ඡන්ද පොරොන්දු සමඟ පෝරුතොට පාලමත් කැලෑවට

බුලත්සිංහල  – ගලහිටිය යා කරන  පැළැන්  ගඟ හරහා බොරලැස්ස , පෝරුතොට  පාලම ඡන්ද පොරොන්දු සමඟ කැලෑවට ගොස් ඇතැයි බුලත්සිංහල, බොරලැස්ස, ගලහිටිය ප්‍රදේශවාසීන් කියති. හිටපු මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල මහතා  2014 වර්ෂයේ දී  රුපියල් මිලියන 04 ක් ඇස්තමෙින්තු කර වැඩ ආරමිභ කළ පෝරුතොට පාලමෙි ඉදදිකිරීම්  2015 යහපාලන රජය පත්වීමත් සමඟ නතරවුණා,  යැයි බොරලැස්ස ජනතාව චෝදනා …

සජිත්ගේ පක්ෂය සෝඩා බෝතලය වගේ

සජිත්ගේ පක්ෂය සෝඩා බෝතලය වගේ

මෙවර මහා මැතිවරණයේදී ද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු පක්ෂය කිසිදු ජයග්‍රහණයක් නොලබන බව මහනුවර දී පැවති පාක්ෂික හමුව ක් ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආශු මාරසිංහ මහතා පැවසීය . පසුගිය ජනපතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශ වලින් ඡන්ද ලක්ෂ 22 කට වැඩි පරාජයක් අත්වූ බවද ඒ මහතා පැවසුවේය. සෝඩා බෝතලය කැඩූ…

බස් ප‍්‍රමුඛතා මංතීරු නීතියේ තවත් අදියරක් අද සිට

බස් ප‍්‍රමුඛතා මංතීරු නීතියේ තවත් අදියරක් අද සිට

බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් අද (29) පෙරවරු 06 ට ආරම්භ විය. ග‍්‍රෑන්ඞ්පාස් ඉගුරුකඬේ හංදියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, පංචිකාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වායි. ඒ අනුව අද පෙරවරු 06 සිට පෙරවරු 9 දක්වාත් අද පස්වරු 04 සිට රාතී‍්‍ර 07 දක්වාත් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක වන බවයි රථ වාහන පාලන සහ මාර්ග…

අද සිට පාසල්, අධ්‍යාපන ආයතන යළි විවෘත වේ

අද සිට පාසල්, අධ්‍යාපන ආයතන යළි විවෘත වේ

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල්,  අධ්‍යාපන ආයතන අද යළි විවෘත කෙරේ. අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ලබන සතිය තුළ සිදු වේ. අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු නියෝජිතයින් යොදවා සෑම පාසලක්ම අධීක්ෂණය කෙරෙනු ඇති.