නේදුන්කේනී රක්ෂිතයෙන් බර අවි උණ්ඩ හමු වේ.

නේදුන්කේනී රක්ෂිතයෙන් බර අවි උණ්ඩ හමු වේ.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි 02 වන දින ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගැනීමට සමත් විය.   නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් පිරිසක් එක්ව ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී…

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා ආගමික ස්ථාන භාවිතයට එපා

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා ආගමික ස්ථාන භාවිතයට එපා

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා තම පූජනීය ස්ථාන භාවිතා කිරීමෙන් හෝ භාවිත කිරීමට ඉඩ ලබාදීමෙන් වැළකී සිටින ලෙස පැෆරල් සංවිධානය සියලුම ආගමික නායකයින්ගෙන් ඉල්ලා ඇත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79(2) අනුව ආගමික ස්ථානවල මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම මැතිවරණ දූෂණය නැමති වරදට ඇතුළත් වන අතර ආගමික රැස්වීමකදී යම් අපේක්‍ෂකයතුට ඡන්දය දීමට හෝ නොදීම සදහා…

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ

බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක පමණ සංඛ්‍යාවක් මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රිකානු රටවල වෙසෙන අලින්ගෙන් තුනෙන් එකක පමණ සංඛ්‍යාවක් බොස්ට්ස්වානා රාජ්‍යයේ වාසය කරන බව වාර්තා වේ.

රඹුටන් ඇටයක් සිර වී බිළිඳෙක් මරුට

රඹුටන් ඇටයක් සිර වී බිළිඳෙක් මරුට

කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ දී මාස 11ක් වයසැති කුඩා දරුවෙකු රඹුටන් ඇටයක් සිරවීමෙන් ඊයේ (02) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. බිළිඳා ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර එහි දී මියගොස් තිබුණි. රෝහලේ දී නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවට චෝදනා කරමින් දරුවාගේ ඥාතීන් රෝහල් සේවකයින්ට සහ එහි දේපළවලට පහර දී තිබේ. රෝහලේ කාර්යය මණ්ඩලයට…

ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහතට

ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහතට

ලෝක බැංකුව විසින් පසුගිය 01 වැනිදා නිකුත් කළ සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා. 2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා. පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ…

එස්.බි, තිලංග, මහින්ද, ලක්ෂ්මන්ට වැඩ වරදින ලකුණු

එස්.බි, තිලංග, මහින්ද, ලක්ෂ්මන්ට වැඩ වරදින ලකුණු

එළඹෙන මහ මැතිවරණයේදී පරාජයට පත් වන පොදුජන පෙරමුණේ කිසිදු අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබා නොදෙන බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි. 2015 අගෝස්තු 17 වනදා පැවති මැතිවරණයෙන් පරාජය වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂයන් 5 දෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබා දීමට එහි නායකයා වූ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා…

කොළඹ යලිත් කොරෝනා අවදානමක – ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට

කොළඹ යලිත් කොරෝනා අවදානමක – ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය අවසන් කර නිවසට ගොස් ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙකු ඊයේ (02) පස්වරුවේ කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන තිබිණි. මුහුදු ආරක්ෂකයකු වන මෙම පුද්ගලයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු පදිංචිව සිටි කොළඹ 13, ජින්තුපිටිය, 123 වත්ත ප්‍රදේශයෙහි පවුල් 29ක පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට පියවර…

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි…

ගම්වල ජනතාව මෛත්‍රී ගැන ප්‍රශ්න කරනවා

ගම්වල ජනතාව මෛත්‍රී ගැන ප්‍රශ්න කරනවා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයෙන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තු ඇවිත් මා සමග පසුපෙළ අසුනක වාඩි වෙයිද කියා මම දන්නේ නෑ.එතුමා  අගමැති කම ගන්න උත්සාහ කරයි නේද කියා ගම්වල ජනතාව අපෙන් අහනවා. ඔය ප්‍රශ්නය අපෙන් වගේම ශ්‍රීලනිප නායකයන් ගෙනුත් මේ රටේ ජනතාව අහනවා ඇතැයි කියා මම විශ්වාස කරනවා යැයි හම්බන්තොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා…

මහින්දානන්දගේ ප්‍රකාශය ගැන ඇත්ත නැත්ත ළඟදීම හෙළි වේවි

මහින්දානන්දගේ ප්‍රකාශය ගැන ඇත්ත නැත්ත ළඟදීම හෙළි වේවි

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරද ඊයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට ප්‍රකාශයක් ලබාදුන්නා. තරග පාවාදුන් බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ඉදිරියේ දී සියලු දෙනාට දැන ගැනීමට හැකි වනු ඇති බවයි.