ජනජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දකියි

ජනජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දකියි

නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා නිදහස් පක්ෂ අපේක්ෂක නිතිඥ ජනජිත්ද සිල්වා මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දැක්විම  හැටන් නගර ශාලාවේදි සිදු කරන ලදි. එහි ප්‍රථම පිටපත හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක මහගම විමල නායක හිමියන්ට පිලිගැන්වු අතර එම ප්‍රතිපත්ති ප්‍රකාශය මත තමන් ඉදිරියේදි කටයුතු කරන බවද නිතිඥ ජනජිත්ද සිල්වා මහතා පවසන ලදි. මනුර සුදත්…

ජින්තුපිටියේ ආසාදිතයගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

ජින්තුපිටියේ ආසාදිතයගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් පසු නිරෝධායනයට යොමු කරනු ලද පුද්ගලයන් 50 දෙනෙකුට සිදු කරන ලද පරීක්‍ෂණවලදී ඔවුන් ආසාදිතයන් නොවන බව හෙළිවී ඇත. ප‍්‍රදේශයේ එකසිය පනස් තුන් දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත දැනටමත් යොමුකර තිබේ. සෙසු පිරිස් සඳහා ද කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිත බව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කළේ ය.

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහු විසින් පදවන ලද වාහනයක හැපී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. මිය ගොස් අති පුද්ගලයා වයස අවුරුදු 64ක අයෙකි. අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් එ.ජා.ප. කාර්යාලය විවෘත කිරයි

හැටන් එ.ජා.ප. කාර්යාලය විවෘත කිරයි

එක්සත් ජාතික පක්ෂයේ මස්කෙළිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මෙම මෙහෙයුම් කාර්යාලය 04වන දින විවෘත කිරිම සිදු කල අතර මෙම මෙහෙයුම් කාර්යාලයේ සිට මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි මැතිවරණ කටයුතු සිදු කරන බව කේ. කේ. පියදාස මහතා පවසන ලදි. මනුර…