පොලිස් ඉතිහාසයේ මීට පෙර මෙවැනි කළු පැල්ලමක් නෑ – නීතිපති
ඉතිහාසයේ කවරදාකවත් සිදුනොවූ දෙයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අද වෙලා. පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක නීතිපතිවරයා වශයෙන් මෙවැනි දේශනයක් පවත්වන අවස්ථාවක පොලිස්පතිවරයා මෙතැන සිටිය යුතු වුවත් ඔහු අද මෙතැන නැහැ. දූෂිත නිලධාරීන් ඉන්න තැනකදී අවංක නිලධාරීන් අසරණ වෙනවා. අවංක නිලධාරීන්ට රාජකාරි කරන්න බැරි වෙනවා. දූෂිතයන් පන්නා දමා හොඳ නිලධාරීන් රැකගත්තේ නැත්නම්…