5000

ද ෆිනෑන්ස්, ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම මහජන බැංකු ශාඛාවලින්

ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වේ. දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද…

ළමා රියැලිටි වැඩසටහන්වලට ආ දරුවන් රැසක් අපයෝජනය කරලා!

ළමා රියැලිටි වැඩසටහන්වලට ආ දරුවන් රැසක් අපයෝජනය කරලා!

රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලට සම්බන්ධ වූ දරුවන් රැසක් අපයෝජනයට ලක් කළායයි යයි කියන පුද්ගලයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කොල්ලුපිටිය පොලිසිය එක්ව ඊයේ (ජුලි 25) අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ලංකාදීප’ වාර්තා කරයි. රුපවාහිනී පසුතල නිර්මාණ කරුවෙකැයි  කියන මෙම සැකකරු දිගු කලක් තිස්සේ මෙම අපයෝජන ක්‍රියාවලියේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇත. අපයෝජනයට ලක්වූ දරුවන් අතර…

මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිදහස නොදෙන උදවිය ඡන්දෙන් පස්සෙ මාධ්‍ය නිදහස දෙයිද?

මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිදහස නොදෙන උදවිය ඡන්දෙන් පස්සෙ මාධ්‍ය නිදහස දෙයිද?

මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිදහස නොදෙන උදවිය ඡන්දෙන් පස්සෙ මාධ්‍ය නිදහස දෙයිද? කොළඹට කැටිපෙ අසයි. තමන්ගේම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මාධ්‍ය නිදහස අහුරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන දේශපාලඥයන් මහමැතිවරණයෙන් අනතුරුව රටේ මාධ්‍ය නිදහස සහතික කරනු ඇතැයි සිතිය නොහැකි බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් කැටිපෙආරච්චි ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කැස්බෑව ප්‍රදේශයේ පැවැති…

එ.ජා.ප යට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරිමට පියවර

එ.ජා.ප යට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරිමට පියවර

සමගි ජන බල වේගය වෙනම පක්ෂයක් බව පැහැදිලි බව අධිකරණය මගින් ප්‍රකාශ කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරිමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන ලදි. එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂයන්ගේ ජය පතා නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ….

mask

චෙක් ජනරජය නිවෙස් තුළදීත් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

චෙක් ජනරජයෙන් වාර්තා වන දෛනික කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග එරට රජය මේ වන විට නව සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව සඳහන්. චෙක් ජනරජය තුළ පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබූ අතර නව සීමාවන්ට අනුව ගෘහස්ථව ජනතාව රැස්වන ස්ථානයන්හි ද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය…

අද දිනයේ නිවෙස්වල ඉන්න

අද දිනයේ නිවෙස්වල ඉන්න

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් අද ක්‍රියාත්මක වේ. තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අද දිනයේ නිවෙස්වල සිට ඒ සඳහා අනුග්‍රහය දක්වන ලෙසයි. මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80% ක් බෙදා හැර අවසන් බව ද තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ලබන 29 වැනි දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරේ.

නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම
|

නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම

මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා දිත්වයෙන්ම සකස් කරන ලද්දකි.  ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත වන බවත් නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු එය ජනගත කිරීමට නියමිත බවත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව…