ගෝඨා නීතිගරුක රටක් හදන්නේ මොවුන් සමගද?

ගෝඨා නීතිගරුක රටක් හදන්නේ මොවුන් සමගද?

වත්මන් ජනාධිපතිවරයා බවට පත් වූ පොහොට්ටු පක්ෂයේ පුත්ලම දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක සනත් නිශාන්ත මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විනය ගරුක රටක්, නීති ගරුක රටක් යන තේමාව උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටින බවට මේ වනවිට තොරුතරු වාර්තා වෙමින් තිබේ. ඔහු අද නීතිවිරෝධී ලෙස හිස්වැසුම් සහ අංක තහඩු නැති අධිබලැති යතුපැදියක ධාවනය කරමින් ප්‍රදේශයේ ජනතාව…

දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව අසූවැනි ජන්ම දින සැමරුම

දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව අසූවැනි ජන්ම දින සැමරුම

දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමාගේ අසූවැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් පුෂ්පෝපහාර පිදීම අද මහනුවරදී සිදු කෙරිණ. සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඔරලෝසු කණුව අබියස පිහිටි ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර  පිදීම සිදු කෙරිණි. ශ්‍රී ලංකා යුද හමුදාව, මහනුවර මහ නගර සභාව යන ආයතන වල මෙහෙයවීමෙන් පැවැති පුෂ්පෝපහාර උත්සවය සඳහා මහනුවර පුරපති කේසර සේනානායක…

ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට

ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට

 අන්තර් ජාලය හා ෆේස්බුක් භාවිතා කරමින් විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික පුද්ගලයින්  හට සහනදායි පොලී අනුපාත යටතේ ණය ලබා දෙන බව පවසා ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා කිරීමේ යෙදුණු පුද්ගලයන් 5 දෙනෙක් කූඨ ලේඛන හා උපකරණ  සමග අත්අඩංගුවට ගත්  බව  කිරුලපන පොලිසිය පවසයි. එම සැකකරුවන් සමග මෙම ජාවාරම සඳහා යොදාගත් මෝටර් රථයක් වෑන් රථයක් ලැප්ටොප්…

මැදමුලනේ පවුල් 30ක් උග්‍ර පානීය ජල ගැටළුවක

මැදමුලනේ පවුල් 30ක් උග්‍ර පානීය ජල ගැටළුවක

අපි ජීවත් වෙන්නෙ  ජනාධිපති තුමාගෙ ගමේ. හිටිපු  ජනාධිපති  තුමාගේ ගමේ. අගමැති තුමාගෙ ගමේ . වත්මන් වාරිමාර්ග ඇමති තුමාගෙ ගමේ. නමුත් අපිට බොන්න වතුර ටිකක් නෑ. බොන්න පිරිසිදු වතුර ටිකක් නැතිව අපි පරම්පරා ගණනක් දුක් විදිනවා.පරම්පරා ගණනක් බිව්වෙ මඩ වතුර . කිවුල් වතුර. මේ වතුර බීල ගමේ කිහිප දෙනෙක්ම රෝහල් ගානෙ ගාටනවා යැයි මැදමුලන ග්‍රාමසේවක වසමේ…

දඩ පත‍්‍රීකා සියයක් ලැබුණත් අසරණ මගීන්ට උදව් කරන යතුරු පැදිකරු

දඩ පත‍්‍රීකා සියයක් ලැබුණත් අසරණ මගීන්ට උදව් කරන යතුරු පැදිකරු

බස් රථයක් නොමැතිව, රාත‍්‍රියේ සිය නිවසට යා නොහැකිව අසරණව සිටි පුද්ගලයෙකුට පිහිට වූ තවත් පුද්ගලයෙකුට පොලීසියෙන් දඩ නියම වූ පුවතක් ගාල්ල, නෙළුව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණ ඇති ඔහු නිවසට යාමට නොහැකිව මාර්ගයේ අසරණව සිටි පුද්ගලයාට ප‍්‍රවාහන පහසුකම් ලබාදී තිබුණා. යතුරු පැදිකරු සතුව අතිරේක ආරක්‍ෂිත හිස්වැසුමක් නොමැති වුවද අසරණව සිටි පුද්ගලයා සිය යතුරු පැදියේ නංවාගෙන…

ගුගල් සේවකයින් තවත් වසරක් නිවෙස් වලට
|

ගුගල් සේවකයින් තවත් වසරක් නිවෙස් වලට

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2021 ජුනි 30 දක්වා සිය නිවෙස් වල සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙස ගුගල් සමාගම සිය ලක්ෂ 02ක් පමණ වන සේවකයින්ට තවත් වසරක කාලයක්  තාක්ෂණික සේවා සැපයීම්  කටයුතු සිදු කරන ලෙස දැනුම් දෙනු ලැබුවා. ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි ප්‍රකාශ කළේ පසුගිය සතියේ දී ඉහළ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ජාවකින්…

covid infections and deaths

තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනා ගැනේ

ඊයේ  දිනයේ කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. අනෙක් ආසාදිතයින් 05 දෙනා කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්. ඒ අනුව මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 2804 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 672 දෙදෙනෙකු පමණයි.  

සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය නවතී

සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය නවතී

සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා. පසුගිය කාලය පුරාවට දුම්රිය දෙපාර්තමේන්තුවටත් , ප්‍රවාහන අමාත්‍යංශයේත් වැඩකටයුතු අඩාල කළ ලලිත සිරි ගුණරුවන් මහතාව නැවතත් දුම්රිය දෙපර්තම්නේතුවේ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගනීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවයි ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ.