අපස්මාරයට තැපෑලෙන් එවූ ඖෂධ ගත් ලෙනින් අද අන්ධ වෙලා

අපස්මාරයට තැපෑලෙන් එවූ ඖෂධ ගත් ලෙනින් අද අන්ධ වෙලා

අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ලබාදුන් ඖෂධ හේතුවෙන් පෙනීම අහිමි වූ ඉතා දුක්බර පුවතක් ගම්පහ කල්එළිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 16 හැවිරිදි වියේ පසුවන ලෙනින් නිරෝෂන් ජීවත්වන්නේ ගම්පහ කල්එළිය වැවහේන්වත්ත ප්‍රදේශයේය. පසුගිය වසරේ සිට අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලෙනින්ට කොවිඩ් – 19 වසංගත හේතුවෙන් නිවසටම ඖෂධ ලැබී තිබුණි. ඒ අනුව ඔහුට ඖෂධ ලැබී…

ලිහිණියගල ලෙන් විහාරයේ සිතුවම් සහ පෞරාණික අංග විනාශ මුඛයේ – බලධාරීන් නිහඩයි

ලිහිණියගල ලෙන් විහාරයේ සිතුවම් සහ පෞරාණික අංග විනාශ මුඛයේ – බලධාරීන් නිහඩයි

කොතෙකුත් බලධාරීන්ගේ අවධානය යොමු කළත් නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් හඟුරන්කෙත, ලිහිණියගල ලෙන් විහාරයේ සිතුවම් සහ පෞරාණික අංග විනාශ වීමේ දැඩි අවදානමක් ඇතැයි එහි විහාරාධිපති හිමියන් පවසති. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සහ ආදිවාසීන්ගේ සබඳකම් සහිත බව ලිඛිත සාක්ෂි ඔස්සේ තහවුරු කර ඇති මෙම විහාරස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නම් කර ඇති…

වලගෙදර කදුරුවත්ත ඇළ අවහිරවි ගොවි පවුල් 300 කගේ බඩට වදියි
|

වලගෙදර කදුරුවත්ත ඇළ අවහිරවි ගොවි පවුල් 300 කගේ බඩට වදියි

මතුගම , වලගෙදර ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් වලගෙදර කදුරුවත්ත ඇළ වසර දහයක කාලයක් තිස්සේ වල් බිහිව ,අබලන්විම හේතුවෙන් ගොවි පවුල් 300 කට පමණ බත සැපයු කුඹුරු අක්කර 200 කට ගැටළු මතුව ඇතැයි ප්‍රදේශයේ ගොවින් කියති. වලගෙදර,ගල්මත්ත, කුරුදිප්පිට, වලගෙදර උතුර ග්‍රාමසේවා වසම් හතරක වතුරාව වෙල් යාය, මැටි මුල්ල, හීන් උඩුමුල්ල,වලගෙදර මිල්ල ගහවත්ත යාය ඇතුළු කුඹුරුයාය රැසක…

කිතුල් කර්මාන්තය අනතුරේ
|

කිතුල් කර්මාන්තය අනතුරේ

කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනයෙහිලා නකල්ස් දුම්බර මිටියාවතේ පිහිටි උඩුදුම්බර කළුගල ගම්මානයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එනමුත් මෑතක සිට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීමෙන් තමන්ගේ කර්මාන්තය පවත්වා ගැනීම අසීරු තත්ත්වයට පත්ව ඇතැයි කළුගල ගම්මානයේ සාම්ප්‍රදායික කිතුල් ආශ්‍රිත නිෂ්පාදකයන් පවසති. උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති දුෂ්කර ගම්මානයක් වන කළුගල ගම්මානය උඩුදුම්බර සිට කිලෝමීටර් දහතුනක් පමණ…

watercut

විදුලිය ඇණහිටීම නිසා ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වෙයි

මුළු දිවයිනේම විදුලි බලය ඇණහිටීම නිසා ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. විදුලි බලය හදිසියේ ඇණ හිටීම ජල සැපයුමට සෘජුවම බලපා ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වුව ද ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජලය බෙදා හැරීමට කිසියම් කාලයක් ගත…

අධිකරණ අමාත්‍ය රාජකාරී ආරම්භ කරයි

අධිකරණ අමාත්‍ය රාජකාරී ආරම්භ කරයි

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (17) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය. එහිදි දොඩම්පහළ චන්ද්‍රසිරි, කඹුරුගමුවේ වජිර, මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ,බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය ඉස්ලාම්,  හින්දු, කතෝලික පුජකතුමන්ලා ආගමික ආශිර්වාද සිදු කළ අතර අමාත්‍යවරුන්…

පෘතුවියේ ඉහළම උෂ්ණත්වය වාර්තාවෙයි
|

පෘතුවියේ ඉහළම උෂ්ණත්වය වාර්තාවෙයි

පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ පිහිටි ඩෙත් නම් ජාතික උද්‍යානයෙන් වාර්තා වෙයි. ඇමරිකාවේ කාලගුණ වාර්තා අනුව එහි ෆැරන්ෆයිට් 130ක් හෙවත් සෙල්සියස් අංශක 54.4ක උෂ්ණත්වයක් වාර්තා වී තිබු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.