නාවික හමුදාධිපති මැල්කම් කාදිනල්  හමුවෙයි

නාවික හමුදාධිපති මැල්කම් කාදිනල්  හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී හමුවී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම හමුවේදී නාවික හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හිමිපානන් සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් අණතුරුව, අගරදගුරු හිමිපානන් විසින්…

සමගි ජන බල වේගයේ දෙපිරසක් ගුටි කෙළියක

සමගි ජන බල වේගයේ දෙපිරසක් ගුටි කෙළියක

සමගි ජනබල වේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තරඟ වැදුණු දර්ශන ප්‍රදීප් මහතාට කිසියම් පිරිසක් විසින්  තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී පහර දී තිබේ. පහර කෑමට ලක්වූ දර්ශන ප්‍රදීප් මහතා මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටී. දර්ශන ප්‍රදීප් මහතා තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේ ඇති  සංචාරක හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට පැමිණ ඇති…

බොක්ස් ඔෆිස් එකතුවෙහි රජු

බොක්ස් ඔෆිස් එකතුවෙහි රජු

විජේ යනු දෙමළ සිනමාවේ ඉහළම තරුවකි. ඒමෙන්ම බොක්ස් ඔෆිස් එකතුවෙහි රජු ලෙසත් සමරනු ලබන නළුවෙකි. ඔහු මේ වන විට තරුණ අධ්‍යක්ෂක ලොකේෂ් කනගරාජ් සමඟ මාකල් සෙල්වම් විජේ සේතුපති සමඟ ප්‍රධාන චිත්‍රපටයේ වැඩ කරන්නේය. මෙම කොරෝනා බලපෑම මුළුමනින්ම අවම කිරීමෙන් පසු මාස්ටර් චිත්‍රපටය සිනමාහල්වල තිරගත වීමට නියමිතය. ප්‍රධාන චිත්‍රපටයෙන් පසුව විජේ සිය 65 වන චිත්‍රපටය ප්‍රධාන…

මෙරට බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

මෙරට බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අද්‍යාපන අමාතයංශය යටතට ගැනීමට ජාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. එම විශ්වවිද්‍යාල දෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත්කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.

අනවසර ගංජා වගා රැසක් විනාශ කරයි

අනවසර ගංජා වගා රැසක් විනාශ කරයි

උඩවලව රක්ෂිතය තුළ අනවසරයෙන් සිදුකරගෙන ගිය ගංජා වගා රැසක් අද විනාශ කෙරිණ. ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ විශේෂ මෙහෙයුමකිනි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දියත් කර තිබිණ.

දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක්

දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක්

දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක් ඇති බවට ලද දැනුම් දිමක් මත එම මල සිරුර පිලිබදව හැටන් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත. දික්ඔය ඇල මාර්ගයේ දික්ඔය තේ කර්මාණ්ත ශාලාව අසල 21වන දින 2.30ට පමන මෙම මල සිරුර එම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් දැක ඇති අතර පසුව ඔහු විසින් මේ පිලිබදව හැටන් පොලිසියට දැනුම් දි ඇත….