පුවත් ළුලදරයි – දික්ඔය කසල ප්‍රශ්නයට විසදුම්

පුවත් ළුලදරයි – දික්ඔය කසල ප්‍රශ්නයට විසදුම්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල පවතින කසල ප්‍රශ්නය විසදිම සදහා කසල කළමණාකරන රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාගේ හා වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ සහය මත ක්‍රමවත් වැඩ පිලිවෙලක් ඉදිරියේදි ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසයි. හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල දිනෙන්…

අලි පැටියෙකු දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටෙයි

අලි පැටියෙකු දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටෙයි

මව් ඇතින්න ඇතුළු අලි රංචුවෙන් කඩන්දු වූ අලි පැටියෙකු ඓතිහාසික සෝමාවතිය පුදබිම් මාර්ගයේ දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටී සිටිය දී  උදෑසන සුංගාවිල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් ගොඩ ගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට පියවර ගත් හ. ගම් වැදුණු අලි රංචුව ආපසු සෝමාවතිය වනෝද්‍යානයට යන අතර තුර මෙම අලි පැටියා දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළ…

යාචකයන් නිසා නගර වැසියන්ට වෙලදසැල් හිමියන්ට කරදර

යාචකයන් නිසා නගර වැසියන්ට වෙලදසැල් හිමියන්ට කරදර

හැටන් නගරයේ සැරි සරන සමහර යාචකයන්ගේ නගර වැසියන්ට මෙන්ම වෙලදසැල් හිමියන්ටද සිදුවන විවිධ කරදර හේතුවෙන් එම නගර වැසියන් මෙන්ම වෙලද සැල් හිමියන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. මේ පිලිබදව අදහස් දක්වන සමහර වෙලදසැල් හිමියන් මෙන්ම නගර වැසියන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම යාචකයන්ගෙන් තමන්ට විවිධ හිරි හැර සිදුවන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන…

school bags in sri lanka

අද සිට පාසල්වල අධ්‍යාපන කටයුතු නිසි ලෙස ආරම්භ වෙයි

කොවිඩ් 19 වසංගතයෙන් පසුව පාසල්වල පාසල්වල අධ්‍යාපන කටයුතු නිසි ලෙස 08වන දින ආරම්භ විමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලද අධ්‍යාපන කටයුතු නිසි ලෙස ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. කොවිඩ් 19 වසංගතයෙන් පසුව මෙයට පෙර සිසුන් සදහා පාසල්වල අධ්‍යාපන කටයුතු කඩින් කඩ ආරම්භ වුවද එම අධ්‍යාපන කටයුතු 08වන දින සිට සුපුරුදු ලෙස ආරම්භ කිරිමට රජය මගින්…

badweather

වලකඩ කොස්ගුලන කන්දේ ගල් පර්වතයක් පෙරළියයි

පාලින්ද නුවර , වලකඩ කොස්ගුලන කන්දේ කොටසක විශාල ගලක් පෙරලියාම නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 11 ක ජනතාව පසුගියදා  එම ස්ථානයෙන් ඉවත් කල බව පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් එස්. ත්‍රීමාන්න මහතා කීවේය. ප්‍රදේශයට තවමත් තද වැසි වැටෙන අතර ආපදා කළමනාරණ නිළධාරීන්, බදුරලිය පොලිසිය ඇතුළු නිළධාරින් කැදවා ජනතාවට ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් ලබා දි ඇති බවයි….

මෛත්‍රී රෝෂාන් එකම උත්සවයක ප්‍රථම වරට හමුවෙයි

මෛත්‍රී රෝෂාන් එකම උත්සවයක ප්‍රථම වරට හමුවෙයි

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ වේදිකාව  උණුසුම් කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා එකම උත්සවයක දී ප්‍රථම වරට ඉකුත් දා හමුවිය. දේශපාලන එදිරිවාදිකම් ඉවත දමා එකිනෙකා උණුසුම් ලෙස පිළිගනිමින් හමු වූ මෙම උත්සවය සංවිධානය කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙශ්ඨ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතාගේ පෞද්ගලික…

දික්ඔය ලෙතන්ටි වතුයායට බබර ප්‍රහාරයක්

දික්ඔය ලෙතන්ටි වතුයායට බබර ප්‍රහාරයක්

දික්ඔය ලෙතන්ටි වතුයායේ 07වන දින සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරු කාන්තාවන් පස් දෙනකු හා පිරිමි තිදෙනකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මෙම පිරිස 07වන දින එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම පිරිසට පහර දීමෙන් ඔවුන් මෙසේ තුවාල ලබා ඇත….

පාට සරුංගල් KITE FESTIVAL 2020

පාට සරුංගල් KITE FESTIVAL 2020

බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල විසින් සංවිධානය කරනු ලැබූ පාට සරුංගල් KITE FESTIVAL 2020″ සැණකෙලිය අද (06) බියගම සියඹලාපේ මන්සන්දිය ශරීර සුවතා මන්තීරුවේදී පැවැත්විණි. එමෙනම මෙහිදී Roller skating සංදර්ශණයක්ද පැවැත්විණි. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර මෙන්ම බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.  

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් හිස ඔසවයි

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් හිස ඔසවයි

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් හිස ඔසවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ ප්‍රාන්ත 50 න් 22 ක නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. මීට සති තුනකට පෙර අමෙරිකාවෙන් නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබුණේ හවායි , ඉලිනොයී සහ දකුණු ඩකෝටා යන ප්‍රාන්තවල පමණක් වුවත් මේ වනවිට ජනාකීර්ණ බවින් අඩු බටහිර සහ දකුණු…

Coronavirus-in-India

ඉන්දීයාවේ කොරෝනා ආසාදිත තරුණියක් ගිලන් රථයේදී දූෂණයට

ඉන්දියාවේ කොරෝනා ආසාදිත තරුණියක් රෝහලට රැගෙන යම්න් සිටින අතරතුර ගිලන් රථයේ රියදුරු විසින් දූෂණයට ලක් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම තරුණිය කොරෝනා වෛරසය ආසාදිත යැයි සැකපිට ඥාතියෙකුගේ නිවසෙහි නිරෝධායනය වෙමින් සිටි අතරතුර කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව ඇය ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි. පසුව සෞඛ්‍ය අංශ විසින් ඇයව…