gold

රන් ආනයන බදු ඉවතට

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. 1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වාදුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි…

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් 350 දෙනෙකු කැමැත්ත පළකරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් 350 දෙනෙකු කැමැත්ත පළකරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට විදේශීය ක්‍රීඩකයන් 350 දෙනෙකු පමණ කැමැත්ත පළකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් කල්දැමුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනය පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. ලංකා…

බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩු කිරීමේ සුදානමක්

බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩු කිරීමේ සුදානමක්

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් වූ පසුව බවත් පසුගිය දා කොළඹ දී ව්‍යාපාරිකයින් පිරිසක් අමතමින් අමාත්‍යවරයා පැවසීය. “දැන් බැංකු පොළියත් අඩු කරලා තියෙනවා. පසුගිය කාලේ බිස්නස් කරලා අවුරුද්ද ඉවර වුණාම තමයි දන්නේ පාඩුයි කියලා. යහපාලන ආණ්ඩුව කාලයේ සියයට 28යි පොළී අනුපාතය . සියයට 25ට 20ට පොළියට අරන් ගොඩගිය රටක් මම දන්න ලෝකේ නැහැ. Double digit…

නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න නැවතත් මෙහෙයුම්

නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න නැවතත් මෙහෙයුම්

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ඇති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ නැවතත් ගිනි ඇවිළී තිබේ. නාවික හමුදාව සදහන් කරන්නේ ඉන්දීය සාදරයේ මේ වන විට ඇති වී තිබෙන සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගිනි ඇවිලීම සිදුව ඇති බවයි. කාලගුණය අයහපත් වීම හේතුවෙන් ගිනි ගැනීම පාලනය කිරීම අසීරු වී ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි. මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ, ඉන්දීය නාවික…

‘හයිෂෙන්’ නිසා ජපානයේ මිලියන 8ක ජනතාවකට ඉවත් වන්නැයි දැනුම් දීමක්

‘හයිෂෙන්’ නිසා ජපානයේ මිලියන 8ක ජනතාවකට ඉවත් වන්නැයි දැනුම් දීමක්

හයිෂෙන් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ මිලියන 8කට අධික පිරිසකට අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වන්නැයි නියෝග කර තිබේ. ජපාන කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ හයිෂෙන් සුළි කුණාටුව පැයට සැතපුම් 100 කට අධික වේගයකින් හමා යනු ඇති බවටයි. හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ කර්මාන්තශාලා, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ගමන්වාර සිය ගණනක්…

rain

පළාත් කිහිපයකට අදත් අධික වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. මේ අතර අධික වැසි හේතුවෙන්, කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පැන වූ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන අද පස්වරු…

arest

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ සෝදිසියක දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස තුළ තිබී එම ආයුධ සොයාගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 2005 වසරේදී බද්දේගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.