Navy

‘MT New Diamond’ නෞකාවේ තුවාල ලැබූ නාවිකයා බේරාගත් නාවික විරුවන් ඇගයේ

පසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT  NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවූ නාවික පුද්ගලයන්ගේ එම සුවිශේෂී ක්‍රියාව අගයා ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්‍රශංසාත්මක ලිපි…

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා ලක්‍ෂණ

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා ලක්‍ෂණ

ශ්‍රී ලංකා සංචාරයට පෙර නිපුණතා පුහුණු කඳවුරට සහභාගී වූ බංග්ලාදේශ 27 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමෙන් පසු ඔහු ස්වයං නිරෝධායනයකට ලක්ව ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. ඩකා නුවර සී ආරම්භ වූ කඳවුරට පෙර කොවිඩ් -19 පරීක්ෂණ සිදු කර ඇත. අනතුරුව එම ක්‍රීඩකයා සමග සම්බන්ධතා පැවැත්වූ සෙසු පිරිසද හුදෙකලා…

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇත. මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක් වන අතර , සුන්බුන් අතර සිරවී සිටි 11 දෙනෙකු බේරාගෙන ඇති නමුත් තවත් 26 දෙනෙකු පමණ එතුළ සිරවී සිටින බව ද ඉන්දීය වාර්තා සදහන් කරයි.

මරණයට අත්වැල අල්ලන ගල්ගේලන්ද අත්වැල් පාලම

මරණයට අත්වැල අල්ලන ගල්ගේලන්ද අත්වැල් පාලම

බදුලු ඔය හරහා ඉදිකර ඇති තල්දෙන ගල්ගේලන්ද අත්වැල් පාලම දැඩි සේ අබලන් වීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන, ගල්ගේලන්ද 12 කණුව, කුකුරුමහන්තැන්න ඇතුළු ගම්මාන රැසක පවුල් 300ක් පමණ විවිධ ප්‍රවාහන අපහසුතා රැසකට මුහුණ පා සිටිති. පාලම වසර ගණනාවකින් පිළිසකර නොකිරීම එය මෙලෙස අබලන් වීමට හේතුව බව ප්‍රදේශයේ ජනතාව පවසති. මේ වනවිට පාලමේ පතුලට…

මානව හිමිකම් කොමිසමට පැමිණිලි 2000ක්

මානව හිමිකම් කොමිසමට පැමිණිලි 2000ක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිළි 2000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙන බව වාර්තා වෙයි. මේ වසර ආරම්භයේ සිට පැමිණිළි 2074 ක් ලැබී තිබෙනවා. ඒවායේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව එම කොමිසම සඳහන් කරයි. එම පැමිණීලි සම්බන්ධව පසු විපරම් කටයුතු කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදුකරනු ඇති.

11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා

11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා

‘‘ශාරීරික ව්‍යායාම ගුරුවරයා 11 වසරේ පුතාට කණ පැලෙන්න ගහලා. මේක මගේ 10 වැනි පහරදීම. 09කින්ම මම දිනුවා.පුළුවන් දෙයක් කරලා පෙන්වනවා…’’ කියා පහර දුන් ගුරුවරයා මට කිවුවා යැයි දරුවාගේ පියා කියයි. තණමල්විල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේම ශාරීරික ව්‍යායාම බාරව කටයුතු කරන ගුරුවරයා විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවා ප‍්‍රථිකාර…

government information center

පාර්ලිමේන්තුව රැස්වන වේලාව අද(22) සිට සංශෝධනය වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව විසින්  පාර්ලිමේන්තුව රැස්වන වේලාව අද (22) සිට සංශෝධනය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ වන අතර පස්වරු 5.30ට රැස්වීම අවසන් වේ.