news sinhala sri lanka

ගම්පහ පාසැල් සහ උපකාරක පංති සිකුරාදා දක්වා වසා තැබේ

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය. ඒ් අනුව සදුදා සිට සිකුරාදා දක්වා සියලු පාසල් හා උපකාරක පන්ති වසා දැමේ

curfew

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ. බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වෙයි ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා…

coronaupdates

දිවුලපිටියේ කතකට කොරෝනා

දිවුලපිටිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදිතව IDH රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඇයගේ ආශ්‍රිතයින් 55ක් ද නිරෝධායනයට ලක් කර තිබෙන බවය.

badweather

අද බස්නාහිර සහ මධ්‍යමට සිහින් වැසි

අද(04) දිනයේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

විස්කි කන්ටේනරයක් වතුර වෙලා
|

විස්කි කන්ටේනරයක් වතුර වෙලා

ප්‍රතිඅපනයනය සඳහා රජයේ තීරුබදු ගාස්තුවලින් නිදහස්ව මෙරටට අනායනය කළ විස්කි ඇතුළු විදේශ මත්පැන් ලීටර් 11,257ක් සහිත කන්ටේනරයක තිබූ මත්පැන් බෝතල් ඉවත්කර ඒ වෙනුවට දමා තිබූ පානීය ජල බෝතල් 17,685ක් සහිත පෙට්ටි 1,179ක් රේගු නිවාරණය අංශය විසින් ඊයේ සොයා ගනු ලැබීය. මෙම බදු වංචාව හේතුවෙන් රජයට  රුපියල් කෝටි 4ක බදු ආදායමක් අහිමි වී ඇති බව රේගු…