කොවිඩ් රෝගීන්ට දේශීය ඖෂධ දෙකක්

කොවිඩ් රෝගීන්ට දේශීය ඖෂධ දෙකක්

දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් – 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඹෟෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. එම ඹෟෂධ සියල්ලම 100% දේශිය…

කෝවිඩ් මර්ධනයට සම්මාන ලබාගැනීමෙන් ඉක්බිතිව

කෝවිඩ් මර්ධනයට සම්මාන ලබාගැනීමෙන් ඉක්බිතිව

කෝවිඩ් 19 සාර්ථක ලෙස පාලනය කරගත් රටවල් අතරට පැමිණ සිටි ශ්‍රී ලංකාවට ප්‍රසංශා, සුභ පැතුම් වගේම ඒ පිළිබදව අත්දැකීම් හුවමාරුවෙමින් පැවති අවස්ථාවක ඒක රැයකින් ඒම තත්ත්වය උඩු යටිකුරු වුයේ පසුගියදා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනා වෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟමය. ඒක දිගට මාස දෙකකට වැඩි කාලයක් සමාජය තුළින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා…

ගාල්ලෙන් රට පෝරවලට තිත

ගාල්ලෙන් රට පෝරවලට තිත

යල කන්නයේ ගාල්ල දිස්ත්‍රික්කයේ  මෙට්‍රික් ටොන් 20000කට ආසන්න අස්වැන්නක්  හිමි වු බව  ගාල්ල දිස්ත්‍රික් ලේකම්  සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. හෙක්ටයාර 11500ක වගා ඉලක්කය  සාර්ථක වීම ඊට හේතුවයි. එමෙන්ම ඉදිරි   මහ කන්නය  සඳහා ද හෙක්ටයාර 13450ක  වගා ඉලක්කයක්  අපේක්ෂා කරන අතර  කාබනික පොහොර  යෙදවීම සඳහා වැඩි අවධානයක්  යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්…

හිටපු ඉන්දීය රහස් පොලිස් ප‍්‍රධානියා දිවි නසා ගනියි

හිටපු ඉන්දීය රහස් පොලිස් ප‍්‍රධානියා දිවි නසා ගනියි

හිටපු ඉන්දීය රහස් පොලිස් ප‍්‍රධානි අෂ්වානි කුමාර් සිම්ලා නුවර පිහිටි සිය නිවසේදී දිවි නසා ගෙන ඇත. ඔහු නාගලන්ත ආණ්ඩුකාරයා ලෙසද ක‍්‍රියා කළේය. සිම්ලා පොලිස් අධිකාරී මොහින් චැට්ලා පැවසූවේ හිටපු රහස් පොලිස් ප‍්‍රධානීන් නිවසේදී එල්ලී දිවි නසාගෙන ඇති බවයි. එහෙත් තමා දිවි නසා ගන්නා බව දක්වා ලිපියක්ද ඔහුගේ කාමරයේ තිබී හමු වී ඇත.

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල වෙළදසැල් අද විවෘතයි

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල වෙළදසැල් අද විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරිමට අවසර ඇති බවත් නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට යාමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියි එලෙස විවෘතව ඇති වෙළදසැල් සඳහා සිය…

richway

රිජ්වේ රෝහලේ බිළිඳෙකුටත් කොරෝනා

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වියැති බිළිඳෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ බිළිඳාට වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ රාත්‍රියේ අනාවරණය කරගත් බවයි. මෙලෙස කොරෝනා වෛරසය වැළඳී ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි බිළිඳෙකුටයි.

covid infections and deaths

සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක්

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් ඉදිරි දින හතක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. එලෙස ඉදිරි දින හතක කාලය තුළ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක් ඇතැයිද සදහන්. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් රට පුරාම යම් යම් ප්‍රදේශවලට ගොස් ඇති නිසා රට පුරාම එම අවදානම ඇති…

ගම්පොල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක්

ගම්පොල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක්

ගම්පොල ගල්පාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම පුද්ගලයා ගම්පොල මූලික රෝහලේදී පරීක්‍ෂණයට ලක් කෙරුනා. එම අවස්ථාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇති අතර මේ වන විට රෝගියා IDH රෝහල වෙතට මාරු කර යවා තිබෙනවා. ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතන සේවකයන් සමඟ විනෝද චාරිකාවකට සම්බන්ධ වූ පුද්ගලයෙකු බවයි…

ඩෙංගු මර්දන සතියක්

ඩෙංගු මර්දන සතියක්

ඩෙංගු මර්දන සතියක් කි‍්‍රයාත්මක බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. ඒ ලබන 14 වනදා සිට 20 වනදා තෙක්. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවීමක් දක්නට ඇති බවයි ඩෙංගු මර්දන ඒ්කකය සදහන් කරයි. අධි අවදානම් සහ අවදානම් කළාපවල ඩෙංගු මර්දන වැඩපිලිවෙල කි‍්‍රයාත්මක බව වැඩිදුරටත් සදහන්.