බොරැල්ලේ ආපනශාලා දෙකකට සීල්

බොරැල්ලේ ආපනශාලා දෙකකට සීල්

බොරැල්ල ප්‍රදේශයේ ආපන ශාලා දෙකක් වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හමුවූ කොරෝනා ආසාදිතයන් එම අවන්හල්වලින් ආහාර ලබා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරයි. අදාල රෝගීන්ගේ ගැවසුනු බොරැල්ලේ පිහිටි නේවාසිකාගාරයක පිරිසක්ද කොරෝනා පරීක්ෂණයට ලක් කර තිබේ.

covid infections today

බියගම කලාපයෙන් කොරෝනා මතුවේ

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටා ඇති කර්මාන්තශාලාවක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් එම කලාපයේ සේවක සේවිකාවන් 960 දෙනකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර තිබේ.  

පොල් කඩනවාද අමතන්න! වයිබර්, මුහුණු පොත,ඊ මේල්, වට්ස්ඇප්, ඉමෝ

පොල් කඩනවාද අමතන්න! වයිබර්, මුහුණු පොත,ඊ මේල්, වට්ස්ඇප්, ඉමෝ

පොල් පොල් පො පොල් පොල් පොල් පොල් පොල්……ලංකාවෙ වතුවල වැවෙන පොල් යැයි ලස්සන ගීතයක් තිබේ.මේ දිනවල පොල් මිල ඇසු විට එලෝ පොල් පෙනේ. පොල් මිල පාලනයට ගැසට් නිවේදන ගසන කාලයක පොල් මිල නියම කරන්නේ වෙනදා මෙන් නොව පොල් ගොඩිය මැනලාය.පොල් සම්බන්ධව ඇමති කෙනෙක් ද ඇති රටක අපි මේ පවසන්නේ පොල් කඩන මිනිසුන් ගැනය. ඉස්‌සර පොල්…

උසස් පෙළ සිසුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විභාගයට

උසස් පෙළ සිසුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විභාගයට

කොරෝනා වසංතය  නැවත ඉස්මතු විමත් සමග සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් හැටන් අධ්‍යාපන කලාපයේ වතු හා නගර මෙන්ම ග්‍රාමිය ප්‍රදේශවල සිසුන් සදහා උසස් පෙළ විභාගය දැඩි ආරක්ෂක ක්‍රම යටතේ පැවැත්විමට පියවර ගෙන ඇත. කොරෝනා වසංගතයට අමතරව මෙම දිනවල කදුකරයට පවතින අධික වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් මෙම විභාගයට පෙනි සිටින සිසුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. වැසි…

rain

කදුකරයට අධික වැසි හා දැඩි සුලං

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති බවත්ය. පවතින මෙම වැසි තත්වයන් හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනිකව කරගෙන යන…

රටේ ඕනෑම තැනකින් කොවිඩ් මතු වියහැක

රටේ ඕනෑම තැනකින් කොවිඩ් මතු වියහැක

රටේ ඕනෑම තැනකින් කොවිඩ් ආසාදනය වීමේ අවධානමක් තිබෙන බව කොවිඩ් 19 ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ප්‍රධානි යුධ හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් 19 යලි මෙරටට පැමිණෙන්නේ නැති බවට මහජනතාව තුල අධි තක්සේරුවක් තිබු බව ද යුධහමුදාපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා තමාට ලබා දුන් වගකීම තමන් අකුරටම ඉටු කර ඇති බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන්…

ඉන්දියාවෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් 73000ක්

ඉන්දියාවෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් 73000ක්

ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 73,196 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,977,008 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 107,450ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

face mask for sale

මුඛ ආවරණ නොදැම්මොත් මාස හයක සිර දඬුවමක්

සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නීති බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. අදාළ නීති මේ වන විටත් කෙටුම්පත් කරමින් ඇති බව ද බොහෝ දුරට හෙට දිනය වන විට මෙම නීති ගැසට් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවද ඇය පවසයි. මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි…

exam department

උසස් පෙළ විභාගය අද

කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (12) ආරම්භ වීමට නියමිතය. විභාගය අද දිනයේ සිට නොවැම්බර් මස 06 වන දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී පැවැත්වේ. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. විභාග මධ්‍යස්ථාන තුළ විෂබීජහරණ කටයුතු, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම,…