ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි

‪ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 194 දෙනා ගෙන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ බවත් සෙසු 114 දෙනා විවිධ ප්‍රදේශ වලින් හමුවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඇඳිරි නීතිය පනවා නොමැති හොරණ, අනුරාධපුර, රාගම, ගනේමුල්ල, රත්නපුර, කළුතර, සීදුව, කැලණිය, කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, මිගමුව, රත්මලාන, නුගේගොඩ, කඩව සහ හැටන් කියන ප්‍රදේශ…

curfew

හෙට අළුයම 5 සිට කටුනායකට ඇඳිරි නීතිය

හෙට අළුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඇඳිරි නිතිය පනවා තිබුනත් ආයෝජන කලාපයේ සේවකයන්ට සිය හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

‘වීරයා’ සහ ‘ජගතා’ සමුදෙයි

‘වීරයා’ සහ ‘ජගතා’ සමුදෙයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ…

බොරැල්ලේ ලෙස්ලි මාවත වැසේ

බොරැල්ලේ ලෙස්ලි මාවත වැසේ

බොරැල්ලේ ලෙස්ලි රණගල මාවත අතුරු මාර්ගයක් පොලිසිය විසින් තාවකාලිකව වසා දමා තිබේ. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් හතරදෙනෙකු වාර්තා වීමත් සමග නිසා මෙම පියවර ගෙන ඇත. ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිරිසක් කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර ඇති

කොරෝනා සමග හැංගිමුත්තන් කල කත මාට්ටු

කොරෝනා සමග හැංගිමුත්තන් කල කත මාට්ටු

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන කොරෝනා වැළඳුනු අයෙකුගේ බිරිඳක් ඒ බව හෙළි නොකර කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලාවක රැකියාවක නිරතවී ඇත. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ කරුණු සොයා ගැනීමත් සමග අදාළ කර්මාන්ත ශාලාවට ගොස් දැනුවත් කර තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ වලින් එහි සිටින සේවක සේවිකාවන් 17 දෙනෙකු කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගෙන…

නේවාසිකාගාරවල රැදී සිටින අයට දැනුම්දීමක්

නේවාසිකාගාරවල රැදී සිටින අයට දැනුම්දීමක්

පොදු නේවාසිකාගාරවල රැදී සිට සේවා කටයුතු සඳහා පැමිණෙන්නේ නම්, එහි සිටින අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් තම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් කරනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට එය සහයක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් නව ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වී…

covid infections today

බෝඩිම් පොකුරක් බිහිවෙයි

නිරෝධායන ඇඳිරි නීතිය නැති සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකුත් වාර්තා වෙයි. ගම්පහ ප්‍රදේශයෙන් 35ක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 38ක්, දිවුලපිටියෙන් 34ක් වශයෙන් ඊයේ දින ආසාදිතයන් හමුවූ බව යුද හමුදාපති කියා සිටියේය. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙක් කිරිදිවල ප්‍රදේශයෙන් 04 දෙනෙක් ආසාදිතයන් හමුවූ බවද ඔහු පැවසුවේය. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇති නිසා තමුන්…

මීගමුවේ පුද්ගලික රෝහලේ සිටි රෝගියාගේ පවුලටම කොරෝනා

මීගමුවේ පුද්ගලික රෝහලේ සිටි රෝගියාගේ පවුලටම කොරෝනා

මීගමුව පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ බිරිය පුතා. දියණියද පී.සී. ආර්. පරීක්ෂණයකට ලක් කරන ලදුව ඔවුනටද කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි. මේ වන විට මීගමුවේ පිහිටි එම පෞද්ගලික රෝහල වසා දමා තිබෙනවා.

coronavirus news

කෝවිඩ් -19 රෝගීන් 5,000 ඉක්මවා යයි

ශ්‍රී ලංකාවේ වාර්තා වූ මුළු කෝවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 5038ක් ලෙසයි. මේ අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 3328 ක් වන අතර තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1,697 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

කොළඹින් ආසාදිතයන් 160ක්

කොළඹින් ආසාදිතයන් 160ක්

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී සඳහන් කළා. එම ආසාදිතයන් ගැවසුණු ස්ථාන හඳුනාගෙන ඇතැයි ද හෙතෙම එහිදි කියා සිටියා. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා එම කරුණු සඳහන්…