covid infections and deaths

රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා මතුවේ

රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී ඇත. ඒ ආශ්‍රිත ප්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර දේවගැති වරයෙකුට කොරෝනා ආසාදන වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් වූ කිහිප දෙනෙකුට මෙසේ වෛරසය වැලඳී ඇත. රද්දොළුගමට ඇඳිරි නීතිය පනවා නැතත් ජනතාව නිවෙස්වලට වී සිටීම නිසා ප්‍රදේශයේ මාර්ග පාළුවට ගොස් ඇත.

HNB සේවකයෙකුට කොරෝනා

HNB සේවකයෙකුට කොරෝනා

කොළඹ ටි.බී. ජයා මාවාත  පිහිටි හැටන් නැෂනල් බැංකුවේ ශාඛාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. දැනට ඒ ශාඛාව වසා දමා ඇති අතර සෙසු සේවකයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකරන බව බැංකුව නිවේදනය කරයි. සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කරන බවද නිවේදනයේ සඳහන් වෙයි.

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ්

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ්

වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක් ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම පුද්ගලයා පසුගිය 3 වැනිදා දක්වා හැඳල හන්දියේ බත් පැකට් විකුණා තිබේ. එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් අය සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය නිලධාරියාව හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලීය.

තවත් පෞද්ගලික රෝහලක් වසා දැමේ

තවත් පෞද්ගලික රෝහලක් වසා දැමේ

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15) උදෑසන වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පියවර ගත්තා. කොවිඩ්-19 යැයි සැකසිතෙන රෝගියෙකු මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ යයි කියන ලද තොරතුරකට අනුව පෞද්ගලික රෝහල වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළා.

ලක්ෂ 50 ක වියදමින් හදන යෝධ ඇරපයිමා

ලක්ෂ 50 ක වියදමින් හදන යෝධ ඇරපයිමා

අපේ කාතාන්දරයේ කතා නායකයා සත්තකින්ම මිනිසුකු නම් නොවේ.ඒ කතා නායකයා සින්දර වු මාළුවෙකි.මේ කතාන්දරය අන්දර වැට සත්තකින්ම සුන්දර සුරංගනා කතාවක් නම් නොවේ.සැබැ ලෝකයේ ලංකාවේ සුන්දර මිල අධික මැණික් මෙන් සුන්දර ගමක සිටින සුන්දර ලස්සන මාළු යාළුවා සොය අප ගියෙමු. මේ ඒ මාළුවාගේ කතාන්දරයයි. වර්තමාන සමාජයේ සුරතල් සතුන් ඇති කිරීම සුලභව දක්නට ලැබෙන අතර සුරතල් මසුන් …

busstand

කොරෝනා රෝගීන් ගමන් ගත් බස් රථ අංක සහ ධාවන ප්‍රදේශ මෙන්න

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, “අපි හඳුනා ගෙන තියෙනවා බස් රථ ගණනාවක්, ND 4890 කොළඹ – මැදගම ගිය බස් රථයේ…

පල්ලියක් අසල අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක්

පල්ලියක් අසල අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක්

යාපනය නගරයේ කතෝලික පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමගනින් ඩෙටනේටර් තොගයක්  (13) දින සවස සොයාගත් බවට යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි. යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාපනය සෙන්පැටික්ස් කතෝලික පල්ලියක් ආසන්නයේදී සඟවා තිබියදී මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මැනිං වෙළෙඳ සංකීර්ණයේ කඩත් වැසේ

මැනිං වෙළෙඳ සංකීර්ණයේ කඩත් වැසේ

කොරෝනා අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළඳ 32 ක් වසා දමා තිබේ. මැනිං වෙළෙඳ සංකීර්ණයේ සේවකයකුගේ බිරිඳක් කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත. ආරක්ෂිත පියවරක් ලෙස වෙළඳසැල වසාදැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදුන් බව එහි පරිපාලනය කියයි.

පොලොන්නරුවේ 47 දෙනෙකුට කොරෝනා

පොලොන්නරුවේ 47 දෙනෙකුට කොරෝනා

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 47 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් බවට හදුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවත් තවත් ආසාධිතයින් හඳුනාගතහොත් ඔවුන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදු වන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…