මැනිං වෙළෙඳපොළේ හෝටලයක අයකැමිට කොරෝනා
කොළඹ මැනිං ප්රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය හිමිකරුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම පුද්ගලයා හෝටලයේ අයකැමි ලෙස ද කටයුතු කර තිබේ. රාගම රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණක දී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. දෛනිකව එම හෝටලයට 200 ක පමණ පිරිසක් ආහාර ලබාගැනීමට පැමිණෙන බවත් සදහන්.