isolated areas in colombo

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ තවත් ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

curfew

ගොතටුව සහ මුල්ලේරියාවටත් ඇඳිරිනීතිය

අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවා ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කරන ලදී.

GMOA – Government Medical Officers' Association

දිස්ත්‍රික්ක 05ක් වහාම වසා දමන්න – GMOA රතු නිවේදන නිකුත් කරයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. එම නිසා මෙම දිස්ත්‍රික්ක පහ වහාම වසා…

මම එනකොට කිව්වා ගෑණු කෙනෙක් ගඟට පැන්නා කියලා (සංවේදි ඇත්ත කතාවක්)

මම එනකොට කිව්වා ගෑණු කෙනෙක් ගඟට පැන්නා කියලා (සංවේදි ඇත්ත කතාවක්)

තාත්තා හැර ගිය සිඟිති දියණියන් හදා ගන්නට නොහැකිව බද්දේගම පොලිසිය අසල පාලම සිට ගැඹුරු ගිං ගංගාවට පැන සිය දිවි හානි කර ගන්නට ගිය දෙදරු අම්මා බේරා ගන්නට බද්දේගම පොලිසියේ නිලධාරියෙක්ට හැකි විය. මේ අපේ කතාන්දරයේ ඒ පොලිස් නිලධාරියාගේ කතාන්දරයි. බද්දේගම පොලිසියට ආසන්නයේම  ගිං ගංගාව ගලා බසිති.එක්වරම පොලිසිය අසල බද්දේගම ගිං ගංගාව හරහා සකස්කර ඇති පාලම…

death

පහළොස්වන කොරෝනා මරණය වාර්තා වේ

තවත් කොරෝනා රෝගියෙක් මරණයට පත්ව තිබෙනවා. ඒ, කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්. කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී මෙම මරණය සිදුව තිබෙනවා.හදවතේ ඇතිවූ සංකුලතා මරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

train

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරේ

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පවසයි. මුහුදු බඩ මාර්ගයේ කටුකුරුන්ද සහ බෙන්තොට අතර දුම්රිය ස්ථානවලද දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.  

දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දමන්න

දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දමන්න

කොවිඩ් 19 වසංගතය නැවත ඉස්මතුවිමත් සමග 2020 වර්ෂයේ හැටන් නගරයේ දිපවාලි උත්සව තාවකාලික වෙලදාම් සියල්ල තහනම් කිරිමටත් දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දැමිමට යුධ හමුදාපතිගෙන් ඉල්ලා සිටිමටද හැටන් දික්ඔය නගර සභාව මගින් 23වන දින තිරණය කරන ලදි. එම නගර සභාවේ ස‍භාපති එස්. බාලචන්ද්‍රන් මහතා නගර සභා රැස්විමේදි පවසන ලද්දේ දිපවාලී උත්සව සමය නිමිති…