death

16 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට සිදුවූ 16 වන කොවිඩ් මරණය  වාර්තා විය. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු අද අළුයම ජිවිතක්ෂයට පත්වූ බවත් ඔහුගේ සිදුකළ PCR පරීක්ෂණය අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට සන්ධ්‍යාවේ හඳුනා ගෙන ඇති බවත්ය. මියගිය පුද්ගලයා කොළඹ 2 ලිපිනයේ පදිංචි කරුවෙකි.

lockdown areas in sri lanka today

STF කදවුරු 03ක් ලොක් ඩවුන්

ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොරෝනා වෛරසය වැලඳී තිබේ. ඒ හේතුවෙන් විශේෂ කාර්ය බළකා කදවුරැ තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ. දැනට එම සෙබළුන් එකොළොස් දෙනකු ආසාධිතයන් ලෙස හමුවී ඇත. රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරැ හුදෙකලා කර ඇත.  

ගම්පහ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක්

ගම්පහ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක්

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.