death

බියගම OIC හදිසියේ මිය යයි

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.සි.ඵල්. අමරසේකර මහතා (29දා) පස්වරුවේ හදිසියේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තකට සහභාගී වී පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී මෙසේ රෝගාතුර වී ඇත . ස්ථානාධිපති රයාගේ දේහය මෙ වනවිට කිරිබත්ගොඩ රජයේ රෝහලේ තබා ඇති අතර මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.

තවත් බ්‍රැන්ඩික්ස් කම්හලකින් කොරෝනා රෝගීන් මතුවෙයි

තවත් බ්‍රැන්ඩික්ස් කම්හලකින් කොරෝනා රෝගීන් මතුවෙයි

කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා ප්‍රකාශ කර සිටිනවා. එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙකුට උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග…

poya

වප් පුර පසළොස්වක පෝය අදයි – කඨින පූජෝත්සව සීමා කරන්න

බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයේ සිට වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ, අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදී ය. වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරණය කරන්නේ ද අද දිනයේ ය. කොරෝනා තත්ත්වය හමුවේ අවම පිරිසකගේ සහභාගීත්වයෙන් කඨින පූජෝත්සවය පවත්වන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දිවයිනේ සියලු විහාරස්ථාන වෙත දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත…

coronaupdates

ගත වූ පැය 24 තුල කෙරෝනා ආසාදිතයින් 582ක්

ගත වූ පැය 24 තුල තවත් කෙරෝනා ආසාදිතයින් 582 දෙනෙකු හඳුනා ගැනුණි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන මුලු ආසාදිතයින් ගණන 6313 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791 ක් ලෙස වාර්තා වන බවයි. කොරෝනා ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.