7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක්

7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක්

භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි සිදුව තිබේ. ඒජියන් මුහුදේ  සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ 22 කට වැඩි පිරිසක් මියගොස් බොහෝ අලාභ හානි සිදුවී තිබුණි. වෙරළබඩ ප්‍රදේශවල සුළු සුනාමි තත්ත්වයක් ද හටගෙන ඇති අතර ඊට බියවූ ජනතාව වීදි දිගේ දිවගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තුර්කියේ ඉස්මිර්…

death

20 වන කොරෝනා මරණයත් කොළඹින්

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තා වනවා. ඒ,කොළඹ ජාතික රෝහලෙන්. කොළඹ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

isolated areas in colombo

බස්නාහිරින් පැන්න අය කොටුවෙයි

බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ, 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි. ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු…

coronavirus news

යළිත් වැලිසරින් කොරෝනා මතුවෙයි

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැදුරකු ලෙස සේවය කරන්නෙක් බවයි පැවසෙන්නේ. ඔහු අනුරාධපුර මහා මංකඩවල පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර එම ප‍්‍රදේශයේදී කරන ලද කොරෝනා පරීක්ෂණවලදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන තිබේ.

coronavirus news

පොලිස් නිලධාරීන් 60කට කොරෝනා

අද (31) උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇති බවයි. මේ අතර තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇතැයි ද ඒ…