ප්‍රංශ සමාගමකට ලංකාවෙන් නෞකාවක්

ප්‍රංශ සමාගමකට ලංකාවෙන් නෞකාවක්

මෙවැනිම නෞකාවක් ජපානය සඳහාද නිශ්පාදනය කිරීමට කලම්බු ඩොක් යාර්ඩ් සමාගම පසුගිය දා. කටයුතු ක්ළේය. මේ ප්‍රංශ සමාගමක් සමග නෞකාව ක් ඉදි කිරීමට ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනය යි.

ඉන්ධන දුම්රියකට අලියෙකු ගැටී මියයයි

ඉන්ධන දුම්රියකට අලියෙකු ගැටී මියයයි

මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියකට පෙරේදා(02) සවස 5.10ට පමණ වන අලියෙකු ගැටී මිය ගිය බව වැලිකන්ද වනජීවී බීට්‍ටු කාර්යාලය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 25ත් අතර වයසක අඩි අටක් පමණ උස අලියෙකි. වැලිකන්ද දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය සැතපුම් 117 වන කණුව අසල දී මෙම අලියා දුම්රියේ ගැටී ඇති…

ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයෙකු නොවී පරිසරය ‍රැක ගනිමු

ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයෙකු නොවී පරිසරය ‍රැක ගනිමු

ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයෙකු නොවී පරිසරට ‍රැක ගැනීමටත් ජලගැලුම් නිම්නය වර්තමානය වෙනුවෙන් නොව මතු උපදින දරුවන් වෙනුවෙන් ‍රැක ගැනීමටත් පෙරට එන්නැයි බල කරමින් පොලොන්නරුවේ හරිත පුරවැසියෝ සංවිධානය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් ඊයේ(03) පෙරවරුවේ පොලොන්නරුව දීප උයන අසල දී නිහඩ විරෝධතාවක නිරතවූහ. ජලගැලිම් නිම්නය අප වෙනුවෙන් නොව දරුවන් වෙනුවෙන් ‍රැක ගනිමු,මාර්ගයක වුවමනාව ජනතාවට ද ජාවාරම්කරුවන්ට ද? ඔබ…

යුවලක් බුරවිට හසුවි තුවාල ලබයි

යුවලක් බුරවිට හසුවි තුවාල ලබයි

ගොවිතැන් කටයුතු සදහා කුඹුරට ගොස් නැවත නිවසට එමින් සිටි මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පදිංචි පිය පුතු යුවලක් බුරවි සුළි කුණාටුවට හසුවි තුවාල ලබා රෝහල්ගතකර ඇති බව මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර් යාලය පවසයි. මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හිරල්ලුගම තුලානේ පාඩික්ගම පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.කුඹුරට ගොස් නැවත නිවසට යමින් සිටියදි ඔවුන් ගමන්කල අතුරු මාර්ගයේවූ විශාල…

සැෂේ පැකට් තහනම් වෙයි

සැෂේ පැකට් තහනම් වෙයි

ලබන වසරේ සිට සැෂේ පැකට් තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර  විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුව ලබන වසර මුල සිට සැෂේ පැකට්වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලු සැෂේ පැකට්  නිෂ්පාදන තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. එම තහනම ක්‍රියාත්මක කිරීමට පෙර දැනට මෙරට එම ව්‍යාපාර කටයුතුවල නිරත…

ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටෙයි

ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටෙයි

පුවර්ටෝ රිකෝ හි පිහිටි මීටර් 305කින් යුත් ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂයේ උපකරණ සහිත පදනම එක් රැයකින් කඩා වැටුණු බව ජාතික විද්‍යා පදනම උපුටා දක්වන සීඑන්එන් පවසයි. පෘථිවියේ පිහිටි ප්‍රබල දුරේක්ෂයක් වශයෙන් වසර 57ක් තිස්සේ තාරකා විද්‍යාත්මක නව සොයා ගැනීම් රැසකට මඟ සැලැසූ මේ උපකරණය සුළි සුළං, භූමිකම්පා සහ නිවර්තන කුණාටු රැසකට මුහුණ දෙමින් සේවය සැලැසීය. මෙම…

LPL සංවිධායකයන්ට ෂොයිබ් මලික්ගෙන් ප්‍රණාමය

LPL සංවිධායකයන්ට ෂොයිබ් මලික්ගෙන් ප්‍රණාමය

ලොව පුරා දරුණු වසංගතයක් පැතිරයමින් බිලියන ගණන් ජනතාව භීතියට පත්ව සිටියදී දැවැන්ත ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම පිළිබඳ ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයන් පැසසුමට ලක්කළ යුතු බව පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ෂොයිබ් මලික් පවසයි. රූපවාහිනිය ඔස්සේ මිලියන ගණන් ජනතාව මේ තරගාවලිය නරඹා මානසික ආතතිය මඟ හරවා ගන්නා හෙයින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සංවිධානයට දිරිදුන් රජයට හා…

changi

හඳට ගිය චැන්ගි ෆයිව් සාර්ථකව ගොඩ බසී

චන්ද්‍රයාගේ පස් සහ පාෂාණ නියැදි පෘථිවිය වෙත රැගෙන ඒමේ ප්‍රධාන අරමුණ ඇතිව පසුගිය දා චීනයෙන් ගමන් ඇරැඹූ ස්වයංක්‍රීය අභ්‍යාවකාශ යානය අඟහරුවාදා සාර්ථක ලෙස චන්ද්‍රයා මත ගොඩ බැස් වූ බව එරට ජාතික අභ්‍යාවකාශ පරිපාලන ආයතනය පවසයි. චැන්ගි ෆයිව් ලෙස මේ යානය නම් කර ඇති අතර චීන මිත්‍යා කතාවක මේ නමින් චන්ද්‍රයා හඳුන්වයි. 1970න් පසු ලොව කිසිම…

weather satellite view

“බුරවී” යන්න ගියත් තවමත් අධික වැසි

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , මේ වනවිට ‘බුරවි’ සුළි කුණාටුව පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බවයි. එය දිවයිනෙන් ඉවතට ගමන් කර පිඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

බුරවි අනුරාධපුරයට බරපතල හානී නොකරයි

බුරවි අනුරාධපුරයට බරපතල හානී නොකරයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රදේශයකට රට හරහා හමාගිය බුරවි සුලි කුණාටුව හේතුවෙන් බරපතල හානී සිදුවි නැති බවත් නිවාස වලට සුළුහානි හා ගස්කඩා වැටීම් විදුලිය විසන්ධිවීම් කිහිපයක් පමණක් වාර්ථාවි ඇති බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතා ඊයේ (03දා)පැවසුවේය. අනුරාධපුර කැබිතිගොල්ලෑව වාහල්කඩ හොරොව්පොතාන මැදවච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස අටකට පමණ සුළු හා සැලකිය යුතු අලාභ හානි සිදුවි…