යුරි මැටරි සහ අලි සබ්රි අතර හමුවක්

යුරි මැටරි සහ අලි සබ්රි අතර හමුවක්

ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති (යුරි මැටරි) Yury Materiy මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා අතර හමුවක්  අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.දෙරට අතර සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදි අදහස් හුවමාරු විය. අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Oleg Rudnev මහතා ද  මෙම අවස්ථාවට එක් විය.

මෝදි නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට මුල්ගල තබයි

මෝදි නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට මුල්ගල තබයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඊයේ ප.ව. 1.00 ට මුල් ගල තැබීය. මේ උත්සවය ප.ව. 12.55ට ආරම්භ වූ අතර සර්ව ආගමික යාඥා මෙහෙය ප.ව. 1.30ට ආරම්භ විය. ඉදිරියේ දී සභා මන්දිරය ලෙස හැඳින්වීමට නියමිත මේ නව පාර්ලිමේන්තුව ඉදිකිරීමට වසර 6ක් ගත වේ යැයි ඇස්තමේන්තු කර ඇත. නිදහස ලබා 75 වැනි සංවත්සරය පැවැත්වෙන…

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි
|

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54 කි. අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති යෝජනා මෙසේ ය. නිවාස හා දේපළ ණය සහන: රජයේ සේවකයින් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස හා දේපළ…

හිමිනමගේ අපවත් වීම ඝාතනයක් දැයි සැකයක්

හිමිනමගේ අපවත් වීම ඝාතනයක් දැයි සැකයක්

රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංස හිමියන්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලබා දුන් උපදෙස් පරිදි මේ පරීක්ෂණ කටයුතු පුළුල්ව ක්‍රියාත්මක…

covid infections today

කොටගල ආසාදිතයන් ගනන 20 දක්වා ඉහලට

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත්  වතුකරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 20 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. ගනේස් මහතා පවසයි. පසු ගිය දිනවල බස්නාහිර පලාතේ විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයේ වතු කරයට පැමිනෙන පුද්ගලයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට කිරිමෙන් පසු කොවිඩ්…