ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයකට සොරු පනියි
මීගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයක් තුළට රාත්‍රී කාලයේ ඇතුළුවු පුද්ගලයින් දෙදෙනෙක් එම ආයතනය තුළ තිබූ පෞද්ගලික සේප්පුවක් කඩා සොරකම් කර තිබූ රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ 27 කට වඩා අධික මුදල්ද සමග අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්වූ බව පොලීසිය පැවසීය. මෙම පුද්ගලයින් දෙදෙනා හොරණ ගෝනපොළ ප්‍රදේශයේ හා හෝමාගම ප්‍රදේශයේ…
ගොවීන් පිරිසකට ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වෙයි
සීමා සහිත කවුඩුල්ල සමුපකාර සමිතියේ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම යටතේ ඉකුත් 2018 කන්නයේ සහ ඉන් පෙර ගොවීන්වෙත ලබා දුන් වගා ණය ගෙවා ගැනීමට නොහැකි වූ ගොවීන් ට නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් පිට පිටම කන්න කිහිපයක් විවිධ ව්‍යසනවලට ගොදුරු වීම නිසා මෙසේ ණය ගෙවා ගැනීමට නොහැකි වූ බවත් දන්වමින් කවුඩුලුවැව ව්‍යාපාරයේ ගොවීන් පිරිසක් ජනාධිපති…
මහකනදරාව ගොවියන් බියගැන්වීම අගමැතිට සැලකරයි
අධිකරණය හමුවේ නඩු පවරණ බව පවසමින් වාරිමාර්ග දෙපාර් තුමේන්තුව මහකනදරාව ව්‍යාපාර යටතේ වී ගොවිතැනේ යෙදෙන ගොවියන් බියගැන්වීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් විසින් ඊයේ (21දා) ජනාධිපති අගමැති හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන්ට ගොවිදුක හා නිලධාරින්ගේ ක්‍රියා කළාපය සැලකර සිටියහ. කුඹුරු ගොවිතැන් කොකරන ලෙසත් එසේ කුඹුරු ගොවිතැනේ යෙදුන හොත් අධිකරණයට…
මරුවැල පෑගිමෙන් සෙබළෙකුට බරපතල තුවාල
සතුන් දඩයමේ ගිය සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු හේන් ගොවියෙකු බැද තිබූ බදින තුවක්කුවක මරුවැල පෑගිමෙන් වෙඩිවැදි බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට හොර රහසේ ඇතුලත්කර තිබෙනා අතර බදින තුවක්කුව සවිකළ හේන් ගොවියා නොච්චියාගම පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. නොච්චියාගම පොලිස්වසමේ ඇත්පන්තිය ප්‍රදේශයේදි පිහිටි බඩ ඉරිගු හේනකදි සිවිල් ආරක්ෂක භටයාට බදින තුවක්කුව…
ගලෙන්බිදුණුවැව වෙළදසැල් 48ක් වසයි
ගලෙන්බිදුණුවැව නගරයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග නගරයේ පිහිටි තොග සිල්ලර හා විවිධ වෙළදසැල් 48ක ප්‍රමාණයක් වසා දැමීමට හා ආශ්‍රීතයන් 59 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින් පියවර ගෙන තිබේ. මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු…
කස්සප හිමි ප්‍රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි නිවාඩු නිකේතනයක බීමතින් යකානටයි
රාජකාරි කටයුත්තකට පැමිණි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ බුද්ධශාෂන හා ආගමික කටයුතු පිළිබද ලේකම් පූජ්‍ය අග්ගාරේ කස්සප හිමිපානන් ප්‍රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි සුඛෝපභෝගි නිවාඩු නිකේතනයක බීමතින් යකානටා දේපළවලට අලාභහානි සිදුකළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ලාබාල මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු මිහින්තලය පොලිස්වසමේ කුරුන්දන්කුළම පිහිටි නිවාඩු නිකේතනයේ…
වතු සමාගම් වැටුප් වැඩි කිරිමට මැලිවෙයි
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අය වැය ඉදිරිපත් කරමින් පැවසුවත් වතු සමාගම් එම වැටුප් වැඩි කිරිම කල නොහැකි බව පවසන බැවින් මෙවරත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි විමක් නොවන්නේද යන්න ප්‍රශ්නයක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වතු සම්බන්ධිකාරක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසයි. හැටන් හීල් විව්…
යතුරුපැදි අනතුරින් පිය පුතු දෙපල මරුට
තම එකම දරුවා යතුරු පැදියේ ඉන්ධන ටැංකිය මත තබාගෙන යතුරුපැදිය ධාවනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දල, ජාලියගොඩ මංසන්ධිය ආසන්නයේදී අනතුරකට ලක්වීමෙන් සිව් හැවිරිදි දරුවා සහ යතුරු පැදිය පදවමින් සිටි පියා මියගොස් ඇති බව පිළියන්දල පොලීසිය පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචිව සිටි වයස අවුරුදු තිස් දෙකක් වන ප්‍රදීප් උදය කුමාර යන අය…