වාකනේරිය වැව් ඉස්මත්තේ සරුවත් ආදරය…
සිංදු කියන මාළු ඉන්න මඩ කළපුවේ ඉඳලා අපි ඔට්ටමාවඩි පැත්තට ආවා. නැගෙනහිර මුසල්මානු නගර මාලයේ එක් මුතු පබළුවක් තමයි ඔට්ටමාවඩි. ඔට්ටමාවඩි පාලම පැනලා අපි පොළොන්නරුව පැත්තට එනකොට මුලින්ම මුලිච්චි වෙන්නේ වාකරේ හන්දිය. ඊළඟට අපි ටික දුරක් පොළොන්නරුව පැත්තටම ගිහින් වමට හැරෙනවා. ඩකොස් ඩොකොස් පාරක් තමයි තියෙන්නේ. කහවන් දුඹුරු පාටට හැරුණ වෙල් එළිය පාර මැදින් තියාගෙන…