බෝර්න් අගේන් චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි. ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම්…