Coronavirus3

තවත් කොරෝනා මරණ 08ක්. ආසාදිතයන් 78000 පනී.

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 08 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ යයි. ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 501 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 78,398 දක්වා ඉහළ යයි.  

sanjeewa

පුවත්පත් මණ්ඩලයට සංශෝධන මොකටද? ඒක අහෝසි කළ යුතු එකක්…!

පුවත්පත් මණ්ඩලය කියලා කියන්නේ ජනමාධ්‍යවේදීන් වගේම ජනමාධ්‍ය සංවිධාන හැමදාම විරුද්ධවුණ දෙයක්. පසුගිය යහපාලනයේත් ප්‍රධාන පොරොන්දුවක් තමයි මේ කැකිල්ලේ උසාවිය අහෝසි කරනවා කියන දේ. එහෙත් ඒ ආණ්ඩුවත් අවසානයේ මේක නොසලකා හැරියා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ හොරගල් ඇහිද ඇහිද ඉදලා වැඩේ අතඇරලා දැම්මා.! 1973 ගෙනාපු මේ ජනමාධ්‍ය මර්ධන යාන්ත්‍රනය නැවත ශක්තිමත් කරන්න වර්තමාන ආණ්ඩුව අදහස් සහ යෝජනා ඉල්ලන්නේ…

coronavirus news

දකුණු අප්‍රිකාවේ කොරෝනා නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයට

දකුණු අප්‍රිකාවෙන් හමු වූ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත කොරෝනා වයිරස් ප්‍රභේදය එක්සත් රාජධානියෙන් හමුවී තිබේ. එංගලන්තයෙන් ආසාදිතයන් 36 දෙනකු සහ වේල්සයෙන් ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් රාජධානිය තුළ මෙම නව ප්‍රභේදය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 147 දෙනකු බව වාර්තා වේ. B.1.525 නමැති මෙම වයිරස් ප්‍රභේදය හමුවූ ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස්…

miyanmar1

හමුදා පාලනයට එරෙහිව බෞද්ධ ස්වාමීන් වහන්සේලා පාරට

මියන්මාරයේ ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව විරෝධය දක්වමින් එරට ස්වාමීන් වහන්සේලාත් පසුගියදා විරෝධතාවක නිරත වූ බව වාර්තා වෙයි. හමුදා පාලනය ඉවත් කරමින් දැනට සිරගතකර සිටින එරට නායිකා අවුන් සාන් සුකී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදිව ඉදිරිපත් වූ රජයේ නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ස්වාමීන් වහන්සේලා මෙලෙස පාගමනක නිරත වී ඇත. මේ සඳහා ස්වාමීන් වහන්සේ රැසක් සහභාගි වී ඇති අතර…

arest

රන්මාල කොල්ලකරුවන් අල්ලයි

හෙරොයින් ඉරීම සදහා මුදල් උපයා ගැනීමට කාන්තාවන්ගේ රන්මාල කොල්ලකෑ සේවයෙන් නෙරපු ගුවන් හමුදා සෙබළෙකු සහ සහයකයා වන කාර්මිකයෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරින් පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. රන්මාල කොල්ලකෑම දින දින ඉහළ යෑම නිසා වහාම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනා ලෙස අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස් කණ්ඩායමට ලබාදි…

school

තවත් විදුහලකින් කොවිඩ් මතුවේ

බගවන්තලාව ශා/ මේරි විදුහලේ කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි එක් සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගෙන බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම විදුහලේ සිසු සිසුවියන් 70 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් පසු ලැබුන පි. සි. ආර්. වාර්ථා මත එම විදුහලේ 9වන ශ්‍රේණියේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගෙන ඇති බවද ඔහු…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

වරෙන්තු 82 ලැබූ සැකකරුවෙකු අත්අඩංගුවට

කාන්තාවන්ට මාසික ආදයමක් ලැබීම සදහා ස්වයං රැකියා හදුන්වා දෙන මුවාවෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 82කට ඉදිරිපත් නොවීම නිසා වසර තුනක පමණ කාලයක් දින හා විවෘත වරෙන්තු 82 ලැබූ සැකකරුවෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි නඩු මෙහෙයුම් වරෙන්තු අංශ මගින් ඊයේ (18දා)අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. හදුන්කූරු නිෂ්පාදනය කිරිමෙන් මාසික ආදායමක්…

chamal-rajapakcha

චමල්ට තවත් අමාත්‍යංශ 02 ක්

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දීය. මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක්…