කොරෝනා අස්සේ රා කතා ගොඩයි
මේක අහම්බ ගමනක්. හද්දා වැස්සක් වගේ කඩන් වැටිලා තුරුපත් අස්සේ කඳුළු හංගාගෙන ඉන්න හිමිදිරියක හිනිදුමට යන්න බයික් එකට නැග්ගා. “මෙහෙත් හොඳටම මීදුම. අද හිනිදුම ලස්සනට ඇති.” එස්එම්එස් එකක් එනවා. පොළොව හොඳටම තෙත බරිතයි. දියකඩිති හැමතැනම. චිරිචිරියත් එක්ක ටික දුරක් එනකොට පිටිගලට වැටුණ මග ගංවතුර බදු අරං. මිනිස්සු උදේ පාන්දරම බිලීකොකු එක්ක පාරේ. කවදාවත් නැතුව මාළුත්…