රංචු රංචු කැලෑ වදින පානම පලූ කෙළිය
පොසොන් සඳ වැවට කඩන් වැටිලා වැව් දියනානවා.. අපි පැල්කොටේ කතා දානවා.. හොල්මන් කුරුල්ලාගේ සද්දය ඉඳහිටක අසල මුහුදේ රළ කෑගහන සද්දේ වහලා දානවා. ‘හෙට නියම වැඩක් තියෙනවා. අපි උදේ රැයින්ම කැලේ යනවා පලූ කඩන්න. මහත්තයාත් එන්න කැමතියි නම්.’ පානම බණ්ඩාර මාමා කියනවා. ඉබ්බා දියට දැම්මහේ ඇන්නාවේ කිව්වාලූ.. හුම්.. හුම්.. එහෙට මෙහෙට කට ඇතුලේ නැළවෙන විට ඩිංගිත්ත…