ඔබට ගෙයක් රටට හෙටක්

ඔබට ගෙයක් රටට හෙටක්

ඔබට ගෙයක් රටට හෙටක් ආධාර නිවාස වැඩ සටහන යටතේ හැටන්ු දකුණ ග්‍රාම නිලධාරි වශමේ ප්‍රථම නිවාසය එස්. කාංචනා මහත්මියගේ පවුලේ අයට ලබා දිම ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් දේශණා මධ්‍යයේ සිදු කරන ලදි. මෙම නිවාසය බාර දිම අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයශංක පෙරේරා හා හැටන් දික්ඔය නගර සභාවේ උප සභාපති ඒ. ජේ. එම්. ෆාමිස් එහි නාගරික…

මැටිත් හිගවෙයි – ගඩොල් කපන්නන්ගේ ජීවනෝපාය අහිමි වෙයි

මැටිත් හිගවෙයි – ගඩොල් කපන්නන්ගේ ජීවනෝපාය අහිමි වෙයි

මේ වන විට දිවයිනේ ගඩොල් කර්මාන්තයේ නියැලෙන්නන් උග්‍ර අමුද්‍රව්‍ය හිගයකට මුහුණපා සිටින බවත් පස් හා මැටි සොයා ගැනීම ඉතාම දුෂ්කර කරුණක් වී ඇති බවත් පොලොන්නරුවේ බැඳිවැව මා ඔයේ ගාඩොල් කර්මාන්ත කරුවෝ පවසති.වසර 20කටත් අධික කාලයක් තිස්සේ කරගෙන ආ තමන්ගේ ජීවනෝපාය අහිමි වීමේ අවදානමක් ඇතැයි ද ඔවුහු කියති. මේ ඔවුන්ගේ කතාවයි.ගෙවුණු සතිදෙක  ගෙවී ගියේ කාන්තාවන් ගැන…

ලීසිං සමාගම්වල සීසර්ලාගේ සංගමය

ලීසිං සමාගම්වල සීසර්ලාගේ සංගමය

ලීසිං සමාගම්වල පිරිසක් සම්බන්ධවී සීසර්ලාගේ සංගමයක් පිහිටුවාගෙන එය ලියාපදිංචි කර මුදල් ඇමැතිවරයාත් දැනුවත් කර නැවතත් ලීසිං ගෙවා ගන්න බැරිව අසරණව සිටින ත්‍රිරෝද රථ කුමන මොහොතක හෝ රැගෙන යාමේ පරණ සෙල්ලම අලුත් විදිහකට පටන්ගන්න කටයුතු කරමින් තිබෙනවා යැයිද, රජය ලීසිං සමාගම්වලට එකක් කියා අපිට වෙන එකක් කියා දිගින් දිගටම අපි රැවටීමකට ලක්කරමින් සිටිනවා යැයිද රත්නපුර දිස්ත්‍රික්…

corona1

ඉන්දියාවෙන් ද්විත්ව කොවිඩ් ප්‍රභේදයක් – පැය 24 තුලදී ආසාදිතයින් 50,000ක්

දෙවන කොරෝනා රැල්ලකට මුහුණ පා සිටින අවදියක කොරෝනා වෛරසයේ “නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්” ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ. ගතවූ පැය 24 ක කාලය තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී…

දින 83යි අලි 83යි
|

දින 83යි අලි 83යි

ජනවාරි සිට මේ දක්වා කාලයේ අලි 83 ක් මියගොස් ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව කීවේය. අලි මරණවලින් සියයට 50 ක්ම වාර්තා වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත්, ඒ අතරින් අලි වැඩි පිරිසක් මිය යන්නේ විදුලි සර වැදීම සහ හක්ක පටස් නිසා…

pathum-nissanka

පැතුම් නිශ්ශංකගෙන් වාර්තාවක්

සිය මංගල ටෙස්ට් තරගයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් වාර්තා කළ සිව්වැනි ක්‍රීඩකයා ලෙසත් විදේශයකදී එම දක්ෂතාව දැක්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසත් පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය. පැතුම් නිශ්ශංක එවැනි දක්ෂතාවක් දැක්වූයේ 2001 වසරේදී තිලාන් සමරවීර එම දක්ෂතාවෙන් දැක්වීමෙන් අනතුරුවය. එසේම නිරෝෂන දික්වැල්ලද සිය…

oil

පිළිකා කාරක අඩංගු බව තහවුරු කළ පොල්තෙල් වෙළඳ පොළට

ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය  හෙළිදරව් කර තිබේ. එම සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධිකද සිල්වා පවසන්නේ ආනයනකරුවන් 4දෙනෙකුට අයත් ඇෆ්ලටොක්සින් අඩංගු තෙල් කන්ටේනර් 13ක් වෙළඳපොළට නිකුත් වී ඇති බවයි. එම…

sinharaja

සිංහරාජයේ හෙක්ටෙයාර් 4 ක් අනතුරේ – යුනෙස්කෝ

ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජලාශය හේතුවෙන් සිංහරාජ වනයේ හෙක්ටෙයාර් 4 කට පමණ බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය පවසයි. යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා සඳහන් කළේ, තමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවය.  

corona

ඇස්ට්‍රොසෙනෙකා එන්නත අපනයනය අත්හිටුවයි

ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත අපනයනය අත්හිටවූ බව ඉන්දිය මාධ්‍ය සදහන් කරයි. එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, දේශීය අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බවයි. ඉන්දීයාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ඉදිරි සතිවල දේශීය එන්නත් ඉල්ලුම ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් බෙදා…