පළාත් සභා මැතිවරණය නොපවැත්වීම බරපතල වරදක්
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව නොපවත්වා හිඳීම බරපතල වරදක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තව දුරටත් ආණ්ඩුකාරවරුන් හා රාජ්‍ය නිලධාරින් පමණක් යොදාගෙන පළාත් සභා පවත්වාගෙන යාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීමක් බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඓතිහාසික දිඹුලාගල සේනාසනයේ නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටත් වැඳ…