රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක
ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කළ නාලක කලුවැව මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් පුරප්පාඩු වූ ධූරයට තාවකාලිකව රුවන් සත්කුමාර මහතා පත් කර සිටියේය. මොහාන් සමරනායක මහතා ජන මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ දවස පුවත්පතේ උපකර්තෘවරයෙකු ලෙසිනි.