corona-death

ශ්‍රී ලංකාව විසාලා මහනුවරක් වන පෙරනිමිත්තක්

ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු හරහා වෙළඳ සංගමයක් විසින් ලබාගත් කෝවිඩ්-19 එන්නත් තොගයක් හොර පාරෙන් ලබාදෙන තොරතුරක් ලැබිණි. මට ද එය ඉල්ලා සිටීමට හැකියාව තිබුණමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි. එන්නත් පළමු මාත්‍රාව ලබාදෙන විට එක් රෝහලක නිලධාරීන් තම ඥාති මිත්‍රාදීන් ගෙන්වාගෙන ඉතා අවිධිමත් ආකාරයට එන්නත ලබාදුන්හ. එම වටයේදී රෝහලේ බාහිර සේවා සනීපාරක්ෂක කම්කරුවන්ට ද එන්නත ලබාදීමට ඔවුහු නිර්ලෝභී…

corona-Vaccination

ක්ෂණික විසඳුම එන්නත නොවන බව වෛද්‍යවරු කියති

සයිනොෆාම් එන්නත සඳහා අනුමැතියක් ලැබුණු බවට ජනාධිපතිවරයා සිය අලුත් මාධ්‍ය ප්‍රකාශකයා හරහා කළ දැනුම්දීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කිරීම සමගම වසංගතය පාලනය සඳහා මේ මොහොතේ කඩිනම් විසඳුම එන්නත් කරණය නොවන බව සෞඛ්‍ය විශේෂඥ පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. “එන්නත දුන්නට පස්සේ මේ රෝගීන්ට ඒ එන්නතේ ප්‍රතිශක්තිය ඇඟේ ඉපදීමට යන කාලය බැලුවහම තවත් මාස තුනක්…

nirodayana

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් සෞඛ්‍ය අංශ වෙත

“සැමට සම සිතින්” තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිවයිනේ ප්‍රදේශ ගණනාවක රෝහල්වල ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් අද සෞඛ්‍ය අංශ වෙත බාර දුන්නේය. එම පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක කෙරිණ. මුල්ලේරියාව ශික්‍ෂණ රෝහලේ ඇඳන් 50කින් යුතු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර වාට්ටුවක් ස්ථාපනය කර තිබේ. එය අද නිල වශයෙන් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා…

uriya

පොහොර කළු කඩයක් අල්ලයි

රජය මගින් සහන මිලට ගෙවින්ට අලවි කිරීමට නිකුත්කර තිබූ පොහොර විශාල තොගයක් රාජාංගනය යාය පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගබඩාවක් තුළ සඟවාගෙන කළුකඩ මිලට විකුණීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කර පොහොර පැටවූ ලොරි තුනක් සිය බාරයට ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත්වූහ. පෙරේදා (11දා) රාත්‍රියේ 11ට පමණ පොහොර පටවාගත් ලොරි විශාල ප්‍රමාණයක් මාර්ගය ඔස්සේ ගමන් කරන අයුරු දුටු ගොවියෙකු ලොරි…

mathpethi

මත්පෙති ප්‍රවාහනය කර වැඩ වරදී

ස්නායූ වේදනා සමනය සදහා වෛද්‍ය නිර්දේශමත පමණක් ලබාදෙන ඖෂධ පෙති (මත්පෙති) 2050ක් තෑගී පාර්සලයක් ලෙස ප්‍රවාහනය කළ පෞද්ගලික මගී බස් රථයක රියදුරා හා කොන්දොස්තරවරයා නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (11දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ සිට බස් රථයකින් ප්‍රවාහනය කරනා බවට නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස් කුමාරසේන මහතාට…

එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය

එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය

කෝවිඩ්-19 ගෝලීය වසංගතයකි. එයට ජාතික මට්ටමේ විසඳුම් නැති තරම්ය. ලොව සියලුදෙනා ආරක්ෂිත වනතෙක් කිසිවෙක් ආරක්ෂිත නැති බව අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය. එය ශ්‍රී ලංකාව වැනි හිඟන ජාතිවාදී රාජ්‍යවලට මෙන්ම එක්සත් ජනපදය වැනි ධනවත් ජාතික රාජ්‍යවලට ද අදාළය. මේ බව අවබෝධ කරගත් එක්සත් ජනපදය කෝවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් තම පේටන්ට් හිමිකම් අත්හැරීමටත්, එන්නත නිෂ්පාදනයේ හිමිකම විවෘත කිරීමටත්…

coronadeath

අනවශ්‍ය ගමන් යාමෙන් වලකින්න – නුවරඑළියේ කොවිඩ් මරණ 23ක්

පවතින කොවිඩ් වසංගත තත්වයන් හමුවේ සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදිමින් අනවශ්‍ය ගමන් යාමෙන් වලකින්න ලෙසත් නිවසින් පිටව යන විට මුඛ ආවරණ දෙකක් බාවිතයට ගන්නා ලෙසත් හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිති. හැටන් නගර සභාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ මේ වන විට කොවිඩ්…

naki

නාකින්ට මැරෙන්න අරින ලංකාවේ එන්නත් ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 23ක් වාර්තා විය. ඒ අතරින් 18ක්ම වයස අවුරුදු 60ට වැඩි අයයි. දිගින් දිගටම සිදුවන කොවිඩ් මරණ විශ්ලේෂණය කර බැලූ විට පැහැදිලිව දැකිය හැකි කාරණය වන්නේ මියයන්නේ මහලු පුද්ගලයන් බවයි. අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව අනුමත කරන ලද “COVID-19 ජාතික එන්නත්කරණ සැලැස්ම – 2021″ අනුව ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතව තිබුණේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක…