දිව්‍යමය සංගීතඥයන් හෙවත් ගාන්ධර්වයන් හඳුනා ගනිමු
ගාන්ධර්ව යන නම අප බොහෝ විට අසා ඇත්තේ සංගීතය හා සම්බන්ධ භාවිතාවක් ලෙසිනි. විශේෂයෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හඳුන්වනු පිණිස ජාතියේ මහා ගාන්ධර්වයාණේ යන වදන යොදනු අපි අසා ඇත්තෙමු. එහෙත්, සැබැවින්ම මෙම ගාන්ධර්වයන් යනු කවුරුන්ද?, ඔවුන්ගේ ස්වරූපයන් සහ ගති ස්වභාවයන් කෙබඳු ද ආදී කරුණු අද බොහෝ දෙනෙක් නොදනිති. හින්දු සහ බෙෳද්ධ සාහිත්‍යයන්හි බහුල වශයෙන් හා ජෛන…