සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි
දිවයින පුරා සංචාරණ සීමා ලබන 21 වැනිදා උදේ 4.00 දක්වා දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.