ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි

ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි

අද (17) සහ හෙට (18) යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇත. ජංගම වෙළෙඳුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතී. ඒ අනුව අද අලුයම සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳපොළ ද තොග වෙළෙඳාම් සඳහා විවෘත කර තිබුණි.

Israel resumes attacks

ඊශ්‍රායලය නැවතත් ප්‍රහාර අරඹයි

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අද (16) දිනයේ ප්‍රහාර එල්ල කිරීම නැවතත් අරඹා තිබේ. පලස්තීන සටන්කාමීන් විසින් ඊශ්‍රායලය වෙත ගිනි ගන්නා “බැලුන්” කිහිපයක් යැවීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ල කර තිබේ. එම බැලුන් පතිත වූ ප්‍රදේශ කිහිපයක ගිනි ගැනීම් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොසොන් පොහොය පිංකම ජනාධිපති සහභාගිත්වයෙන් පැවත්වෙයි

පොසොන් පොහොය පිංකම ජනාධිපති සහභාගිත්වයෙන් පැවත්වෙයි

අනුබුදු මිහිදු මාහිපානන්ගේ ලංකා ගමනය සිහිපත් කෙරෙන 2329 වන පොසොන් පොහොය පිංකම අති පූජනීය මහානායක අනුනායක හා ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ අනුශාෂනාව පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවත්වෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසූහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් ප්‍රථමවරට උත්සවය සදහා අන්තර්ජාලය ඔස්සේ (සූම්-තාක්ෂනයෙන්) සම්බන්ධවන බවද…