ගණ දෙවියන්ට නුවණ පෑදුණේ අඹ ගෙඩියකින්ද?
ජාඇල, උදම්මිට ප්‍රදේශයේ පැරණි විහාරස්ථානයක් අද්දර මීට සියවසකට පමණ පෙර රූස්ස අඹ ගසක් තිබිණ. අඹ වාරයට එහි අතු ඉති අඹවලින් පිරී තිබූ අතර එය ඒ අවට දඟකාර කොලු කුරුට්ටන්ගේ නොමඳ අවධානයට යොමු විය. එහෙයින් එම විහාරස්ථානයේ හිමිවරුන් සහ කැපකරුවන් පෙනෙන්නට නොසිටි සෑම විටෙකම එම කොලු කුරුට්ටෝ ඒ ගසෙන් අඹ කඩාගනු පිණිස ඊට පොලු මුගුරු සහ…