ඉන්දියාව සිය නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව සිය නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව සිය නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලා තිබේ. ඔඩීෂා වෙරළ තීරයේදී “අග්නි ප්‍රයිම්” ලෙස නම් කර ඇති එම මිසයිලය ගුවන්ගත කර ඇත. කිලෝමීටර 1000 -2000 ත් අතර පරාසයක විහිදෙන එම මිසයිලය ඉදිරි පරම්පරාවේ න්‍යෂ්ටික හැකියාවන්ගෙන් සමන්විතවූවකි. ඉන්දියාවේ අග්නි මිසයිල මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ලෙස එම අත්හදා බැලීම සිදු කළේ ය.  

පෙන්ටගනයෙන් ගුවන් ප්‍රහාර

පෙන්ටගනයෙන් ගුවන් ප්‍රහාර

ඉරාකයේ සහ සිරියාවේ සිට ක්‍රියාත්මක ඉරාන සහාය ලබන සටන් කණ්ඩායම් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය (අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය) නිවේදනය කළේය. එම කණ්ඩායම් විසින් අමෙරිකානු හමුදා වෙත එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරවලට පිළිතුරු ලෙස ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කළ බව අමෙරිකාව පැවසීය. ඉරානය පැවසුවේ එම  ඩ්‍රෝන ප්‍රහාර ගැන තමන්ගේ සම්බන්ධයක් නොමැති බවය. අමෙරිකානු හමුදාවේ 2,500ක් පමණ…

Coronavirus-in-India

ව්‍යාජ කොවිඩ් එන්නත්

ඉන්දියාවේ මුම්බායි සහ කොල්කටා නගරවලදී පුද්ගලයන් 2,500කට පමණ ව්‍යාජ කොවිඩ් එන්නත් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එසේ එන්නත් වශයෙන් ලබාදී ඇත්තේ සාමාන්‍ය සේලයින් දියර හෝ ප්‍රතිජීවක ඖෂධ බව පොලීසිය පවසා ඇත. සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

badumila

භාණ්ඩ මිල පහත හෙලන ලෙස බලකරමින් අරලගංවිල දී උද්ඝෝෂණයක්

පොහොර ටික කලට වේලාවට ලබා දෙන ලෙසත් ඉන්ධන මිල ඇතුළු අහස උසට නැග ඇති භාණ්ඩ මිල පහත හෙලන ලෙසත් බලකරමින් ජාතික ජනබල වේගයේ පාක්ෂිකයන් පිරිසක් ඊයේ (27) දහවල් අරලගංවිල නගරයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ හ. ජාතික ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන් මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේතුංග යන…

piyalnisantha
| |

දුමින්ද සම්බන්ධයෙන් මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය හෙළා දකියි

“මෙරට නීතියේ ආධිපත්‍යය ගැටළුවකට ලක්ව ඇතැයි’   දුමින්ද සිල්වා  මහතාව නිදහස්  කිරිම  සම්බන්ධයෙන්  අමෙරිකානු  මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය පිළිකුළෙන්  යුතුව  හෙළා දකින බව කාන්තා  හා ළමා  සංවර්ධන  පෙර පාසල්, ප්‍රාථමික ,අධ්‍යාපන, පාසල්  යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය  අමාත්‍ය  පියල්  නිශාන්ත ද සිල්වා මහතා කීවේය . ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිව තිබු  හිටපු මන්ත්‍රී  දුමින්ද …

pallekale
|

බලගොල්ලේදී පැහැරගෙන දළුක්ගොල්ලේදී ඇණ ගසයි

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන  ගාල්තැන්න දළුක්ගොල්ල ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස් කොටයකට තබා ඔවුන් දෙදෙනාගේ දෙයත් වලට පරාල ඇණ ගසා අමානුෂික ලෙස වධ හිංසා කළ බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කපුවෙකු ඇතුළු 11 දෙනෙකු ගෙන්  සමන්විත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මහනුවර සහ බලගොල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි. සැකකරුවන් පිරිස වෑන් රථයකින් පැමිණ බලගොල්ල ප්‍රදේශයේදී 25 දින…

ස්මාට් දුරකථන නොමැතිවීමෙන් පාසල් දරුවන් අන්ත අසරණ භාවයට
| |

ස්මාට් දුරකථන නොමැතිවීමෙන් පාසල් දරුවන් අන්ත අසරණ භාවයට

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රජයේ පාසල් වසාදමා තිබෙන අවධියක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්බදව ජීවත් වන දරුවන්ට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය සංඥා පහසුකම් ස්මාට් වර්ගයේ දුරකථන නොමැතිවීමෙන් ඔවුන් අන්ත අසරණ භාවයට පත්වි සිටින අතර අනුරාධපුර මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් දරුවන් අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වි සිටිති. අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි මහවිලච්චිය…

corona

අඹගමුවේ ගතවු පැය 24 තුලදි කොවිඩ් ආසාදිතයන් 75ක්

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු  ගිය දිනවලදි ගන්නා ලද අහඹු හා පසු ගිය දිවලදි හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ පලමු පෙළ ආශ්‍රිතයන්ගේ පි. සි. ආර්. වාර්ථා…