jathika
|

ජාතික අරගලය දරුවන්ට ඉගැන්වීමයි

වර්තමානයේ ජාතික අරගලය වන්නේ දරුවන්ට ඉගැන්වීමයිග එය පරාජය කරන්න එපා’ යයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පිටත්වීමේ මගී පර්යන්තයේ අලුතින් ඉදි කරන ලද ‘විගමන පියස‘ ජනතා අයිතියට පත් කළ අවස්ථාවේදී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ්‍රයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව…

moderna

මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද දිවයිනට

අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (16) දිනයේ මෙරටට ලැබී තිබේ. කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර මෙම එන්නත මෙරටට ලැබෙන පළමු අවස්ථාවද මෙයවේ. මෙම එන්නත මගින් 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

palama

නාවලට පාලමක්

ඇතුල්කෝට්ටේ සිට නාවල දක්වා මාර්ගයේ පවතින දැඩි රථ වාහන තදබදය අඩුකිරීම සඳහා රුපියල් කෝටි 200 ක් වැයකරමින් නව පාලමක් ඉදිකරයි. ඇතුල්කෝට්ටේ, මිරිහාන, කොහුවල මාර්ගය සහ කොහුවල සහ නාවල මාර්ගයේ 9 වන පටුමග සහ පාසල් මාවත සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ මතින් මෙම පාලම ඉදිකරයි. මීටර 700 ක දිගින් යුත් මෙම පාලමේ ඉදිකිරීම් මාස නවයකින් නිමකිරීමට…

badweather

අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රියේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ඊට අමතරව සබරගමුව, බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන…

slfp
|

මහියංගනයේ බලය පෙරලයි

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයෙකු විසින් බලය හොබවන ලද මහියංගණ ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ජයග්‍රහණය කර සභාපතිවරයා ලෙස පත් වී තිබේ. නව සභාපතිවරයා සඳහා වන ඡන්ද විමසීමේ දී රහස් ඡන්දයක් පවත්වා ඇත. එහිදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ඡන්ද 12ක් ලබාගෙන ගනිද්දී එක්සත් ජාතික…

corona

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 8079 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන අට දහාසේ සිමාව ඉක්මවා ගොස් 8079 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබවද වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය පැය 24 කාලය තුලදි නුවරඑළිය…