ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි පෝය දිනයකදීය. බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්ය. ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් කළ ඇසළ…