national-hospital-colombo

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරේ

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ. කොරෝනා ආසාදිතයන් රෝගීන් 250 දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසේ. ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ(26)  වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…

weather satellite view

තද සුළං සහ තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (27) දිනයේත් වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මධ්‍යම කඳුකරයේ බටහිර…

jayani

යලි කළු ජූලියක් ඇතිනොවීමට වගබලා ගැනීම සැබෑ දේශප්‍රේමීන්ගේ වගකීමක්

”මේ ගෙවෙන ජුලිය ඉතිහාසයේ ලියැවිලා තියෙන්නේ ලේ වලින් කලු පැල්ලම් වලින්. නැවත එවැනි මෙහොතක් ඉතිහාසයට එක් නොකිරීම වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෝ පෙළගැසෙනු ඇතැයි ” මාධ්‍යවේදිනී ජයනි අබේසේකර පවසයි. ”ඒ නිසා මේ රටේ දහස් ගණනක් උතුරේත් දකුණේත් නැගෙනහිරත් වින්දත ප්‍රජාව විසින් ඉල්ලා සිටින යුක්තිය තහවුරු කර ගැනීම පිළිබඳ කාරණය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෝ හැටියට අපි කොන්දේසි විරහිතව පෙනී…

thilak
|

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ සාහිත්‍ය වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි එක් දේශනයක් සඳහා මටද ඇරයුම් ලැබී තිබූ අතර, සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ ‘බුදු දහම සහ රෝග සුවය’ යන්න ය. ඒ සඳහා…

delta coronavirus variant

කොළඹ 30%ක් ඩෙල්ටා

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සිටියහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඩෙල්ටා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 30% ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි යැයි ද ඔහු පැවසීය. මෙම තත්ත්වය මත ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කරයි. සෞඛ්‍ය…

keheliya

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථකයි

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා සමඟ පැවති සාකච්ඡා සාර්ථක මට්ටමක පැවති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් ලබන සදුදා දින කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාව සාර්ථක මට්ටමට පත් වුණු බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

COVID-19 සම්භවය අධ්‍යයනය කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධාන සැලැස්ම, චීනය ප්‍රතික්ෂේප කරයි

කොරොනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දෙවන අදියර සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සැලැස්මක් චීනය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රතික්ෂේප කළේය. එයට හේතුව වන්නේ චීන රසායනාගාර නිසි ක්‍රමවේද (ප්‍රොටෝකෝල) උල්ලංඝනය කිරීම නිසා පර්යේෂණ අතරතුරදී වෛරසය කාන්දු වීමට හේතු වී ඇතැයි යන උපකල්පනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලැස්ම තුළ ලැයිස්තුගත කර තිබීමයි. වසංගතය වුහාන්හි ආරම්භ වූ බවට වන…

nawakathawa
|

නිහඬ සංස්කෘතියේ නවකතාව හොදම මාධ්‍යයක් වෙයි

නූතන තාක්ෂණික උපාංග නිසා ජනතාව නිහඬ මිනිසුන් වී ඇති බවත් නිර්මාණය වෙමින් තිබෙන්නේ නිහඬ සංස්කෘතියක් බවත් එය වෙනස් කළ හැක්කේ කලා නිර් මාණවලින් බවත් නවකතාව ඊට හොදම මාධ්‍යක් බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර් මසිරි මහතා පවසයි. මහ දිසාපතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුවේ නූතන පරපුරේ කලා සලකුණ  වන ප්‍රවීන නාට්‍යවේදී ඩී.කේ.ආටිගලගේ කුළුදුල් ඓතිහාසික නවකතාව ‘කාල’ දොරට…

චූන් පාන් සහ සතිපොළ ඉවරයි

චූන් පාන් සහ සතිපොළ ඉවරයි

කොවිඩ් වසංගතයත්  සමග බිහිවු අළුත් වෙළද සංස්කෘතිය හේතුවෙන්  පලාත්පාලන ආයතවල ආදායම් මාර්ග රැසක අහිමිව  ඇතැයි පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. කළුතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල පලාත්පාලන ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ  සතිපොළ බදු ආදායමය. නමුත් කොවිඩ් වසංගතයත් සමග  සතිපොළ වැසිගොස් ජංගම වෙළද රථ නිරිමාණය විමෙන් සතිපොළ ආදායම අහිමිවන තත්වයක් උදාවි ඇතැයි පලාත්…