tharuna
|

නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු

ලංකාව අද විවිධකාර මහාපරිමාන  ගැටළු පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි මහා විශ්ව විද්‍යාලයක් බවට පත්ව ඇත. රටකට මුහුණ දිය හැකි සියලුම වර්ගයේ ගැටළු දැන් ඉතා තීවෘර වී රට පුරා පැතිර පවතී. සෑම පවුලක් හා ගම් බිමක් පාසා සැබෑ මරණ බියක් පැතීරී පවතී. එක් අතකින් ඔවුන් අවට කවුරුන් හෝ කොවිඩ් 19 වෛරසය නිසා මරණයට පත්වී සිටී….

corona34
|

කොවිඩ් එන්නත නිරුවතින් හිඳින මිනිහාට විළි මුවා කරගත හැකි කොස් කොළයක් පමණි

එන්නත ලබා ගැනීමෙන් කොවිඩ් ආසාදනය100% ක් වළක්වන බවට කිසිදු සහතිකයක් නැත. සියලු එන්නත් හදිසි අවශ්‍යතාව මත භාවිතය සඳහා අනුමැතිය ලත් එන්නත් බව පැහැදිලිව ප්‍රකාශ වී තිබේ. ඒ නිසා ඔවුන් විවිධ එන්නත් වල බලපෑම Pfizer (95%), Moderna (94%), Sputnik (92%), Sinopharm (79%), AstraZeneca (70%) ආදී වශයෙන් විවිධ ප්‍රතිශත පරාසයක පෙන්වයි. ඒ අනුව 100% ක් බලය සහිත…

jalaviduli
|

සුරකිමු ගංගා වෙනුවට වනසමු ගංගා ! කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නැවතත්

කුඩා ජලවිදුලි බලාගාර මාෆියාව ලංකාවේ තෙත් කලාපයේ සහ කඳුකරයේ දිය ඇලි, ගංගා ඇල දොළ වනසමින් කළ විනාශය පරිසරය පිළිබඳව සංවේදී වන කිසිවකුටත් රහසක් නොවේ. අප  ඇතුළු පරිසර සංවිධාන විසින් දිගින් දිගටම පෙන්වා දෙන ලදුව එවක පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ලාල් මර්වින් ධර්මසිරි මහතාගේ මැදිහත්වීම මත විශාල වශයෙන් පාලනය කිරීමට පියවර ගැනිණ. නොයෙක් සාකච්ඡා…

dawa

දැව ජාවාරමක් වටලයි

ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඇල්ලවැව කුඩා ඔලුකලගල රජයේ රක්ෂිතයේ සිදුකළ මහපරිමාන දැව ජාවාරමක් වටලා සැකකරුවෙකු සමග දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට ගලෙන්බිදුනුවැව බීට්ටු වන නිලධාරි කාර්යාලයේ නිලධාරින්ට හැකිවි තිබේ. ගලෙන්බිදුනුවැව ඇල්ලවැව කුඩා ඔලුකලගල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවව අයත් රක්ෂිතයක පිහිටි ගොවි වන වගාවකින් සැකකරුවන් විසින් කපා දැමූ දැව කදන් සියයකය අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට…

closed walkatha

අනුරාධපුර කඩ සාප්පූ වැසෙයි

පවතින කොවිඩ් වෛරස අවදානම හමුවේ අනුරාධපුර නගරයේ කඩ සාප්පු අද(19දා) දිනයේ සිට මේ මස (25දා) දක්වා තාවකාලිකව වසා දැමීමට අනුරාධපුර එක්සත් වෙළද සංගමය අතුළු අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය ඒකමතිකව තීරණය කර තිබේ. ඒ අනුව අනුරාධපුර නගරයේ කඩ සාප්පු බොහොමයක් අද (19දා) සිට (25දා) දක්වා ස්වේච්ඡාවෙන් වසා දැමීමට තීරණය කර තිබේ.ඊට අමතරව උප නගර වන නාච්චාදූව…

wakugadu
|

රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට හේතුව

වසර තිහක පමණ කාලයක සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ භූ ගත ජලය හා භූමිය යම් යම රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම හේතුවෙන් අපවිත්‍ර වී ඇති බවත් එය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති බවත් පර් යේෂකයෙකු වන වෛද්‍ය ඇම්.ඒ.කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ වසර 37ක් තිස්සේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහල්වල හා ග්‍රාමීය රෝහල්වල සේවය…

pick

රට වහන්නැයි සෞඛ්‍ය සේවකයෝ ඉල්ලති

මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා දින 10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී  පැවැත්විණි. එම වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් වන සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ් යන මහත්වරු ඇතුළු පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියහ.

death

කොරෝනා මාධ්‍යවේදියෙක් රැගෙන යයි

සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. ඔහු අභාවප්‍රාප්ත වූයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මාධ්‍යවේදියකු ලෙස වසර 40ක පමණ කාලයක් කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා ඉන් වසර 30ක පමණ කාලයක් සේවය කළේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේය. පාර්ලිමේන්තු හා කැබිනට් වාර්තාකරණයේ පළපුරුදු මාධ්‍යවේදියකු වූ ඒ…

කදුරුවෙල වැසෙයි

කදුරුවෙල වැසෙයි

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අද (19) දා සිට ලබන (24)දා දක්වා දින දින 06ක් කදුරුවෙල නගරයේ ඖෂධ හල් හැර සෙසු සියලු වෙළද සැල් වසා දැමීමට වෙළද සංගමය විසින් තීරණය කර ඇත. මේ පිළිබදව සියලු වෙළදසැල් හා ව්‍යාපාරික ප්‍රජාවත් කඩසාප්පු හිමියනුත් දැනුම්වත් කර ඇති බවත් කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ප්‍රජාවත් පාරිභෝගිකයිනුත් කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමේ…